රටේ ආපදාවක් වෙලාවක ලයිව් චාට් ෂෝ කිරීම ගැන ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයට ස්වර්ණවාහිනී නිවේදකයාට කේන්තියාම අද (27) උදෑසන ස්වර්ණවාහිනී නාලිකාව...
රටේ ආපදාවක් වෙලාවක ලයිව් චාට් ෂෝ කිරීම ගැන
ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයට
ස්වර්ණවාහිනී නිවේදකයාට කේන්තියාම
අද (27) උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවූ ටොප් ටෙන් සුපර් හිට්ස් නමැති සජීවී වැඩසටහනකදී ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයකට අදාළ නිවේදකයා ලබාදුන් පිළිතුර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වී ඇත.
රටේ සිය ගණනකගේ ජීවිත අහිමිවී දසදහස් ගණන් අවතැන්වී සිටින වෙලාවක ඒ ආකාරයේ විනෝදයට බර සජීවී චාට් ෂෝ එකක් ඉදිරිපත් කිරීම හරිද යන්න ඇය ඇසූ පැනය වූ අතර එම පැනය අවසන් කරන තුරු අසන්නටද ඉඩ නොතබා
මෙහෙයුම් සිදුකරන අය
එම පැනයේ දෙපැත්තක් තිබෙන බවත් ආපදාවක් සිදුවුණාය කියා අනෙක් මාධ්‍ය ජාලද වැඩසටහන් නොකර සිටින්නේ නැති බවයි. එලෙසම ස්වර්ණවාහිනියද එම වැඩසටහන් කරන බවයි. එසේම රටේ ප්‍රශ්නයක් කියා ‘ඔයා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද ‘යන්න ඔහුගේ කේන්ති සහගත උපමාව විය. පසුව පිලිතුර අවසන් කරද්දී තවත් දේවල් කටට ආවත් ඒවා මැඩ පවත්වමින් මෙන් ඔහු කියා තිබුනේ මාව තරහ ගස්සන්න එපා..... යනුවෙනි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ නිවේදිකාව ලෙස කටයුතු කළ කවින්ද්‍යා අධිකාරි නිවේදකයා ලබාදුන් පිළිතුර හරිමදි බව සැණින් වටහාගෙන අපි මේ වෙනුවෙන් ප්‍රේ කරා විෂ් කළා උදව් කරනවා ආදී ලෙස වෙනත් කරුණු ගෙන හැර දැක්වූවාය.
මෙම සිද්ධිය නැවත නැවත නරඹන සමාජ ජාලා නරඹන්නන් නිවේදකයාට කේන්තියාම පිලිකුල් ලෙස හෙලාදැක තිබුණි.
රාත්‍රී ප්‍රවෘත්ති වලදී තරගයට ගංවතුර හා එම මරණ දුක ජනිත කරමින් විවිධ ලෙස වාර්තා කරන රූපවාහිනී නාලිකා තම වැඩසටහන් පෙළගැස්ම තුළ එම හැඟීම මතු නොකිරීම එහිදී විවේචනයට ලක්ව තිබේ. එසේම මහජනතාවට අයත් තරංග මාලා වාර්ෂික බලපත්‍ර මත බද්ධට ගෙන වැඩසහන් ගෙන එන රූපවාහිනී නාලිකා මුදල් ඉපැයීම එකම පරමාර්ථය කරගැනීම කොතරම් උචිතද යන්නද ඒ ගැන ප්‍රශ්න කිරීමට ප්‍රේක්සකයන්ට ඇති අයිතිය හෑල්ලු කිරීමේ වරදද සාකච්ඡාවට බඳුන්වී තිබුණි.
එම ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්
peris2 0 seconds of 1 minute, 51 secondsVolume 90% Press shift question mark to access a list of keyboard shortcuts Keyboard Shortcuts Shortcuts Open/Close/ or ? Play/PauseSPACE Increase Volume↑ Decrease Volume↓ Seek Forward→ Seek Backward← Captions On/Offc Fullscreen/Exit Fullscreenf Mute/Unmutem Decrease Caption Size- Increase Caption Size+ or = Seek %0-9 |
COMMENTS