දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මියගිය පිරිස 122 දක්වා ඉහළට - නිල්වලා ගඟ අවට තවම අවදානම් - දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ
Homeගොසිප්

මියගිය පිරිස 122 දක්වා ඉහළට - නිල්වලා ගඟ අවට තවම අවදානම් - දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ

PropellerAds

මියගිය පිරිස 122 දක්වා ඉහළට නිල්වලා ගඟ අවට තවම අවදානම් දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ  ගංවතුර හා නායයාම්වලින් මිය ගිය පුද්ගලයින් ...


මියගිය පිරිස 122 දක්වා ඉහළට
නිල්වලා ගඟ අවට තවම අවදානම්
දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ

 ගංවතුර හා නායයාම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව අද (28) වනවිට 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම අතුරුදන් පිරිස 100 පමණ බවට ගණන් බාල ඇත. දිස්ත්‍රික්ක 14ක පුද්ගලයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න පිරිසක් (230,571) පීඩාවට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වාර්තා කර තිබේ.
නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතින අතර නිල්වලා ගඟේ බන්ඩත්තර බැම්ම
අවදානම් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම් දී තිබේ.
නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානමක් හේතුවෙන් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියන් ඊයේ (27) රාත‍්‍රීයේ එම. ප‍්‍රදේශවලින් ඉවත් කර ඇත.
අද (28) පෙරවරුවේ මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මාතර ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කළේ නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානම තවදුරටත් දක්නට ලැබෙන බවයි. නිල්වලා ගඟ මුහුදට වැටෙන කොටුවන ගංමෝයෙහි වැලි ඉවත් කිරීම අරඹා තිබුණද  ජලය ඉතා සෙමින් බැස යන බැවින් එය එතරම් සාර්ථක ක්‍රමෝපායක්  නොහැකි වී තිබේ.

බද්දේගම වේල්ලේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වන බැවින් අවධානයෙන් පසුවිය යුතු බව දැනුම් දී ඇත.
ජලය කාන්දු වන ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ආරම්භ කර තිබේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවේශ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ.
දොඩන්ගොඩ සහ ගැලණිගම අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ දෙපසෙහිම රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ(27) රාත්‍රි පින්නදූවේ සිට මාතර දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ රථ වාහන ධාවනය අත්හිටුවා තිබුණි‍ෙ
ඉමදූව, කොක්මාදූව සහ ගොඩගම පිවිසුම් මාර්ගවලට සම්බන්ධ මාර්ග ජලයෙන් යටව තිබීම ඊට හේතුව බව අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
මේ අතර  කොළඹ දෙසට පැමිණෙන රථ වාහන වැලිපැන්න පිවිසුමෙන් පිටවිය යුතු අතර ගැලණිගම පිවිසුමෙන් යළි අධිවේගී  මාර්ගයට ඇතුළු විය හැකියි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සඳහා ඕනෑම හදිසි අවස්ථාවකදී 1969 අංකය අමතා තොරතුරු ලබා ගත හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

හෙට සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත්ය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද දන්වා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මියගිය පිරිස 122 දක්වා ඉහළට - නිල්වලා ගඟ අවට තවම අවදානම් - දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ
මියගිය පිරිස 122 දක්වා ඉහළට - නිල්වලා ගඟ අවට තවම අවදානම් - දක්ෂිණ අධිවේගයේ මාර්ග කිහිපයක් වැසේ
http://ift.tt/2s9cpnP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/122.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/122.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy