දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදේශ ගතව සිට පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් !
Homeප්‍රවෘත්ති

විදේශ ගතව සිට පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් !

PropellerAds

කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් සති දෙකක කාලයකට විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්න ලාංකිකයින්ට, ද්විත්ව  පුරවැසියන් දින 14 ක කාලයක් සඳහා නි...

Sorry අදාල නෑ... ‘හෑයියා’ටත් ජෙරම්, සේපාල නීතිය ක‍්‍රියාත්මකයි... පරීක්‍ෂණ අරඹයි
ආණ්ඩු පෙරළියට අලුත් සන්ධානයක්! රහස් සාකච්ඡා ඇරඹෙයි! ප්‍රබලයින් පිරිසක් කොළඹ ප්‍රධාන පන්සලක සාකච්ඡාවක!
මහියංගන රජමහා විහාරයේ උත්සවයට ජනපති ප්‍රමාද වෙයි – ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ ප්‍රසිද්ධියේම අප්‍රසාදය පල කරයි (VIDEO)
කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් සති දෙකක කාලයකට විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්න ලාංකිකයින්ට, ද්විත්ව  පුරවැසියන් දින 14 ක කාලයක් සඳහා නිවෙස් නිරෝධායනයට අවසර ලබා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් අද නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හෝ දකුණු අමෙරිකානු රටවල සිට මෙරටට සෘජුව හෝ අන්තර් හුවාමරු ක්‍රමවේදයන් යටතේ පැමිණෙන කිසිදු ලාංකිකයෙක්ට හා ද්විත්ව පුරවැසියෙකුට නිවෙස් නිරෝධායනයට ලක්වීමට අවසර හිමි නොවෙනු ඇත.

මෙරටට පැමිණෙන්න සියලුම ලාංකිකයින් පැය 96 කට පෙර සිදුකරනු ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තාවක් මගින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු කළ යුතුය. එම වාර්තාවන් අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විය යුතුය.

මෙරටට පැමිණෙන ද්විත්ව පුරවැසි භාවය දරන්නන් විසින්ද දිවයිනට ලඟා වීමට පැය 96 කට පෙර සිදුකරන ලද PCR වාර්තාවක් මගින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු කළ යුතුය.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බවට සියලු දෙනාම ඉංග්‍රීසි භාෂවෙන් සහතික කළ සහතිකයක් ගුවන් තොටුපොල කාර්ය භාර නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.

ශ්‍රී ලාංකික පුරවැසියන් (ගුවන් මගින් පැමිණෙන ලාංකික වෙළෙඳ නාවිකයින් ද ඇතුළුව) සහ ද්විත්ව පුරවැසියන් මෙරටට ලඟා වීමෙන් පසු සිය PCR වාර්තාවේ ප්‍රථිපල ලැබෙන තෙක් සහතික ලත් පළමු අදියරේ හෝටලයක නවාතැන් ගත යුතුය.

PCR පරීක්ෂණ වාර්තාවන් නිකුත් වීමෙන් පසුව නියමිත පරිදි කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටින ලාංකිකයින් / ද්විත්ව පුරවැසි භාවය දරන්නන් හෝටලයෙන් නිදහස් කිරීමට පියවර ගනු ඇත.

නිරෝධායනය කර සිටි හෝටලයෙන් නිදහස් කරනු ලබන පුද්ගලයින් ගේ වාර්තාවක් ඔවුන් වෙත ලබාදිය යුතු වන අතරම එහි පිටපතක් වසංගත රෝග විද්‍යා අංශය වෙත යැවීමට අදාළ ස්ථානය භාර වෛද්‍යවරයා විසින් පියවර ගත යුතුය.

විදේශ ගතව පැමිනෙන් දරුවන් ( වයස අවුරුදු 12ට අඩු) සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කොට ඇත. 

ඒ අනුව කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රාව නිසි පරිදි ලබාගත් වැඩිහිටියන් සමග පැමිණෙන වයස අවුරුදු 2-12ත් අතර දරුවන් දිවයිනට පැමිණීමෙන් පසු PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථිපල තහවුරු කිරීමෙන් පසු පිටව යා හැකිය.

යම් අයුරකින් දිවයිනට පැමිණෙන වැඩිහිටියන් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත හොත් වයස අවුරුදු 02 ට අඩු දරුවන් ද PCR පරීක්ෂණයට ලක් කළ යුතුය.

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව සිය නිවෙස් වෙත යෑමට පුද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගතයුතු වන අතර කිසිවිටක පොදු ප්‍රවාහන පහසුකම් භාවිතය සිදුනොකළ යුතුවේ.

පෞද්ගලික ප්‍රවාහන සේවා හරහා නිවෙස් කරා යාමේදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර අතර මග වාහනය නැවත්වීමට අවසර හිමි නොවේ.

සිය නිවෙස කරා පැමිණීමෙන් පසු අදාළ පුද්ගලයින් ඒ පිලිබඳව සිය නිවෙස හිමි ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ බලධාරින් දැනුවත් කළ යුතුය.

දිවයිනට පැමිණි දිනය ද ඇතුළුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටවු දිනයේ සිට දින 14ක කාලයක් දක්වා විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

දින 14 සම්පුර්ණ කරන ලද කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ලංකික පුරවැසියන් සහ ද්විත්ව පුරවැසි භාවය දරන්නන් සහ ඔවුන්ගේ අවුරුදු 2-12ත් අතර වයසේ පසුවන දරුවන් PCR පරීක්ෂණයකට ලක්ව එම වාර්තාවන් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දිය යුතු වන අතර එහි ප්රතිපල අනුව ඔවුන්ව නිවෙස් නිරෝධායනයෙන් මුදා හැරීමට පියවර ගනු ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදේශ ගතව සිට පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් !
විදේශ ගතව සිට පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjv1pHv2FhS9y0VNshDgQbFgarEKe-aPLbWIgSLFqPAhwJyH_RBeNWflZeM5uJsON4Yp9BazBCsIXfBpWOrnpxyJGSjSO4GPayA3xjSvGo4H04oPR1Vf4vfDPpxsO7HwEYxRsTc3Z80aWM/s320/6475e7c0a36dee0dec13812b48aff51a31813050.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjv1pHv2FhS9y0VNshDgQbFgarEKe-aPLbWIgSLFqPAhwJyH_RBeNWflZeM5uJsON4Yp9BazBCsIXfBpWOrnpxyJGSjSO4GPayA3xjSvGo4H04oPR1Vf4vfDPpxsO7HwEYxRsTc3Z80aWM/s72-c/6475e7c0a36dee0dec13812b48aff51a31813050.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_929.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_929.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy