වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව කොටගල...
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව කොටගල CLF ක්‍රිඩා පිටියේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ කාන්තා අංශයේ සාමාජිකාවන් අදාළ තරඟාවලියට සහභාගී ඇති බවයි ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ.
සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවති එම තරඟාවලියෙන් අනතුරුව ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවටද රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහභාගීවී තිබෙනවා.
දිවයින පුරා සංචරණ සීමා පනවා පිරිස් ඒකරාශීවීම් තහනම් කර ඇති පරිසරයකදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙවැනි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස විවේචනයට ලක්ව තිබෙනවා.
සංචරණ නීති කඩකරන්නන් සොයා පොලීසිය ඩ්‍රොන කැමරාද යොදාගන්නා කාලයක ප්‍රසිද්ධියේ මෙවැනි ක්‍රිකට් තරඟාවලි සංවිධානය කර එහි ඡායාරූපද අමාත්‍යවරයා විසින්ම පලකිරීම සංචරණ නීති රජයේ අමාත්‍යවරුන්ම හාස්‍යයට ලක්කිරීමක් වනවා.
මීට පෙර කුරුණෑගල නගරාධිපතිවරයාද සිය උපන්දිනය වෙනුවෙන් කුරුණෑගල පොලිසිය තුළදීම කේක් කපා උපන්දින සාදයක් පැවැත්වුවත් ඔහුට එරෙහිව අද වන තුරුත් කිසිදු නීතිමය කටයුත්තක් සිදු නොවීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් අදාළ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වූ දිනයක් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර නොමැති අතර ඒවා ඊයේ (06) දිනයේ ප්‍රසිද්ධියට පත්කරුණා. මෙය සංචරණ සීමා පැනවීමට පෙර පැවැත්වූ තරඟාවලියක් නම් වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අදාළ දිනය සටහන් කර ප්‍රසිද්ධ කලයුතුව තිබුණා.
එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා මෙතෙක් එවැනි නිවැරදිකිරීමක් හෝ සිදුකර නැහැ.

COMMENTS