"මේ ආයාචනයට මාව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගහනු ඇති.එනමුත් මගේ මිනිස්සු වෙනුවෙන් බැගෑපත් වීමට මම පැකිලෙන්නේ නැහැ.මගේ මිනිස්සු මැරෙනවා බල...
"මේ ආයාචනයට මාව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගහනු ඇති.එනමුත් මගේ මිනිස්සු වෙනුවෙන් බැගෑපත් වීමට මම පැකිලෙන්නේ නැහැ.මගේ මිනිස්සු මැරෙනවා බලං ඉන්න බෑ.අගමැතිතුමනි , ඔබට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා.කෑදර කමින් ඔබ්බට ගොස් , අර්බුධයක් වී ඇති රටවලට පිහිටවීමට.එන්නත ලබාදී පිහිටවන්න" බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්ස්ටන් මෙසේ ඉල්ලීමක් කරන්නේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියයි.
"ශ්‍රී ලංකා දූපත් පාරාදීසියේ මරණ පැයෙන් පැයට වැඩි වෙනවා.මිලියන විස්සක් ඉන්න රටේ ඇස්ට්‍රා සෙනිකා පළවෙනි එන්නත දී තිබෙන්නේ ඉන් මිලියනයකට පමණයි.ලක්ෂ හයකට පමණ දෙවන මාත්‍රාව ලැබී නැහැ.මෙය හදිසි ආයාචනයක්.සෑම මනුෂ්‍යයෙක්ම උපදින්නේ නිදහස්ව සහ සමානාත්මතාවයෙන්.ඒ මතයේ සිටයි අගමැතිතුමනි මා ඔබට මේ ආයාචනය කරන්නේ.එබැවින් ඔබ ඇනවුම් කර ඇති එන්නම් මිලියන පන්සීයේ ඉතුරු එන්නත් ප්‍රමාණය මුදාහරින්න.ශ්‍රී ලංකා වැනි දුප්පත් රටවලට එය පහසුවෙන් සහ අඩු මිලට ලබා දෙන්න." යැයි සඳහන් කරමින් වෛද්‍ය තුෂ් වික්‍රමනායක , බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා වෙනුවෙන් කොවිඩ් - 19 මර්දන එන්නත ලබා දෙන ලෙස ආයාචනය කරනවා.
වැඩිපුර එන්නත් මිලියන 260 දෙන්න
බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන මිලියන 60ක ජනගහනය වෙනුවෙන් පළමු වටයට එනම් මිලියන 120 ක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇනවුම් කර තිබෙන බවත් අනෙක් වටය සඳහා ලබන අවුරුද්දට තවත් එන්නම් මිලියන 240 ක් අවශ්‍ය මුත් ඊටත් වඩා එන්නත් මිලියන 260ක් ඇනවුම් කර තිබෙන බව පෙන්වාදෙන වෛද්‍ය තුෂ් වික්‍රමනායක ශ්‍රී ලංකාවට මුදාහරින ලෙස ඉල්ලා සිටින්නේ එම වැඩිපුර එන්නත් තොගයයි.
"මගේ මිනිස්සුන්ගේ නාඩි සමග ස්පන්දනය විය යුතුයි.අපිට ජීව නාලයක් වීසි කරන්න.එන්නත ලබාදී පිහිටවන්න.හැබැයි ඒ සඳහා ශ්‍රී ලංකා රජය ඔබේ ක්‍රමවේදය ද අනුගත කරවා ගන්න" යයිද වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිය ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් කරනවා.
එන්නත්කරනයට ආරම්භය දුන් ලොව ප්‍රථම රට
වසංගතය ආරම්භ වන විට ඒ ගැන කළකිරුණත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරයාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය හේතුවෙන් එන්නත්කරණය ආරම්භ කළ ප්‍රථම රට බවට පත්වීමට බ්‍රිතාන්‍යට හැකිවූ බවද වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසියකු වන ඇය මෙම ඉල්ලීම කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන්.
ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ද වන ඇය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතාගේ එකම දියණිය වන අතර වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන විදුර වික්‍රමනායක මහතාගේ සොහොයුරියද වේ.
වෛද්‍ය තුෂ් වික්‍රමනායක මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.
වෛද්‍ය තුෂ් වික්‍රමනායක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කරන විනාඩි හතරයි තත්පර 37ක වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැර තිබෙනවා.

COMMENTS