ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ජ...
ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද(05) පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසී ය.
ඒ අනුව හෙට (06) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත්, තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටළුවට ජනාධිපතිවරයා මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කළ බවත් මාරඹගේ මහතා පැවසී ය.
COMMENTS