‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය හෙට (04) යාපනය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි....
‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය හෙට (04) යාපනය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කිරීමට නියමිත බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ජනතාවගේ ගැටළු සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනම් පිළිතුරු ලබාදීමේ අරමුණින් ‘ජනපතිට කියන්න‘ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
උතුරු පළාතේ ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳීම සඳහා ‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ පළමු ශාඛා කාර්යාලය යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කළ බවත් අදාළ කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට අනුබද්ධව ස්ථාපිත කිරීමට නියමිත බවත් ආණ්ඩුකාරවරයා පැවසී ය.
ඒ අනුව හෙට යාපනය ප්‍රදේශයේ ජනතාවට සිය ගැටළු සඳහා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතින බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න.
COMMENTS