ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකරනු ලබන ලිහිසි තෙල් බෙදා හැරීම කුමන්ත්‍රණකාරී ලෙස මැලේසියානු රජයට අයත් පෙට්‍රොනාස් (Petronas) සමාගමට ලබා...
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාව සිටි ජී.එස්. විතානගේ මහතා, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක නීල් ජයසේකර මහතා හා අරින්මා (Arinma) හෝල්ඩිංග්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සංජීව මලලසේකර මහතා, ඉර්ෂාඩ් අලී යන පිරිස මේ සඳහා පිඹුරුපත් සකසා ඇති බව මේ වන විට හෙළිව තිබේ.
විතානගේ මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපතිධූරයට පත්කරනු ලැබුවේ එවකට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී ඉන් විශ්‍රාමගන්වා බවද මේ අතර වාර්තා වේ.
සංජීව හා ඉර්ෂාඩ්ගේ මැදිහත්වීමෙන් ඉකුත් රජය සමයේදී පෙට්‍රොනාස් (Petronas) හා වන සාකච්ඡා වලට විතානගේ හා නීල් මැලේසියාවට ගොස් ඇති බවද පැවසේ.
ඔවුන් මැලේසියාවේදී සිදු කළ සාකච්ඡා සඳහා යාම එවකට අමාත්‍යවරයාව සිටි කබීර් හෂීම් මහතා ද නොදැන සිටි බව ද මේ අතර වාර්තා වේ.
ඉර්ෂාඩ් අලී / අෂාන් මලලසේකර / නීල් ජයසේකර / විතානගේ
මේවන විට ලංකාවේ ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීමේ කටතු සිදුකරනු ලබන්නේද මැලේසියානු සමාගමක් වන හයිරෙක්ස් ඔයිල් සමාගම විසිනි.
අදාළ සමාගම විසින් සම්මිශ්‍රණය කරනු ලබන ලිහිසි තෙල් මසකට ලක්ෂ 5ක ප්‍රමාණයක් වසර 20ක් පුරාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මිලදීගත යුතුය යන කොන්දේසිය සහිතව එම සමාගම සමඟ මේවන විටද ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම්ගතව සිටී.
මීට අමතරව මේ ගිවිසුමේ රටට අහිතකර තවත් කොන්දේසි ඇති බවද පැවසේ.
මුතුරාජවෙල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා සංකීර්ණයේ ඉදිකර ඇති හයිරෙක්ස් ඔයිල් සමාගමට අයත් ලිහිසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාවට එම ඉඩම ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නොමිලේ සපයා ඇති බවද පැවසේ.
පසුගිය ජුනි මාසයේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා හා වැඩබලන අමාත්‍යවරියව සිටි අනෝමා ගමගේ මහත්මිය විසින් අදාළ ලිහිසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබිණි.
එම ප්‍රවෘත්තිය ජාතික රූපවාහිනිය වාර්තා කර තිබුණේ මෙසේය. කෙසේවුවද, ඉතා කෙසේවුවද, ඉතා ලාභදායි ලිහිසි තෙල් නිෂාපදනය කිරීමේ කටයුත්ත මැලේසියානු හයිරෙක්ස් සමාගමට ලබාදී ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.
මේ අතර, ලිහිසි තෙල් බෙදාහැරීම හා අලෙවිය ද මැලේසියානු සමාගමක් වෙත ලබාදීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙන ආදායමක් මෙන්ම රටේ ජනතාවට ලැබෙන රැකියා අවස්ථා ද අහිමිවීමේ අවදානමක් මේවන විට මතුව ඇති බව ඛනිජ තෙල් නීතිලත සංස්ථා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
-srilankamirror

COMMENTS