පැ හැර ගැනීමකට බවට ලක් වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව තමන් අතින් සිදු වූ අතපසුවීම ගැන කණග...
පැහැර ගැනීමකට බවට ලක් වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව තමන් අතින් සිදු වූ අතපසුවීම ගැන කණගාටුවට පත්වන බව දන්වා ඇත. ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රජයේ ප්‍රබලයකු වෙත විශේෂ නියෝජිතයකු මගින් ඇය දැනුම්දී ඇත්තේ අදාළ සිදුවීම් හා සම්බන්ධ වූ සියළු දෙනා හෙළි කිරීමට සූදානම් බවයි.
ඒ වෙනුවට තමනට නීතිය හමුවේ ඇති වෙමින් තිබෙන තත්වය සමනය කර දෙන්නැයි විශේෂ නියෝජිතයා මගින් ඇය ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මෙම දේශපාලන ප්‍රබලයා දැනුම් දී ඇත්තේ එවන් කටයුත්තකට තමන්ට කිසිසේත්ම මැදිහත් විය නොහැකි බවත් නීතිය ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ එයට මුහුණ දීම හැර වෙන යමක් කල නොහැකි බවයි.
ඊට විරුද්දව මැදිහත් වීමට උත්සාහ කලහොත් තමන් දැඩි දෝෂාරෝපණයට ලක්විය හැකි බවද ඔහු දන්වා ඇත.
lankacnews

COMMENTS