දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…
Homeප්‍රවෘත්ති

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

PropellerAds

ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද...

ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා - TNA
රංජිත් සොයිසාගේ මන්ත‍්‍රී ධුරය බෙදාගන්න ගැටුම්.. එජාපයෙන්ද ඉල්ලයි
මෛත්‍රීත් 2020 තරග බිමේ - මංගල සටනට පෙර නැටුමක
ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය,

“සෞඛ්‍ය අංශ කියනවා සංචරණ සීමා දාන්න කියලා. නමුත් මට තේරෙනවා දැන් ගාල්ලෙන් කොරෝනා ආසාදියන් වාර්තාවීම අඩුවෙලා. දැන් අවදානමක් නැහැ. අපීට සංචරණ සීමා දාලා ඒ මිනිස්සුන්ට රුපියල් 5000.00 ගෙවන්න හැකියාවක් නැහැ. සංචරණ සීමා දානවා නම් ඒ අයට කන්න බොන්න දෙන්න ඕන, මේකට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඉතින් සංචරණ සීමා දාන්න බැහැ. මීට පෙර සංචරණ සීමා දාපු වෙලාවේ ඒ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය නොකර තියාගත්තේ බොහොම අමාරුවෙන්. අදත් සංචරණ සීමා දානවා කියලා ආරංචි වූ වෙලාවෙත් උද්ඝෝෂණය කරන්න සූදානම් වෙලා අපි මැදිහත් වෙලා නැවැත්තුවා. අපි සංචරණ සීමා දානවානම් කොළඹත් එක්ක කතා කරලා මේ අයට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ ක්‍රමවේදයක් යොදා සංචරණ සීමා යොදන්න වෙනවා. ඒ නිසා මම සංචරණ සීමා පැනවීමේ ලිපි නිකුත් නොකරන්න තීරණය කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් මා කීවා සංචරණ සීමා නොදාන බව.”

මෙලෙස තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාමට තීරණය කළේ (18) ගාල්ල ලබුදූව දක්ෂිණ පායේ දී දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටු රැස්වීමේ දී ය.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 18 වනවිට කොරෝනා ආසාදිතයන් 120කට වඩා වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ මිලිද්දුව පොකුර නමින් හඳුන්වා ඇති එම රෝගීන් සමූහයෙන් තවදුරටත් කොරෝනා පැතිරීමේ සක්‍රීය මට්ටමක පවතින බවයි.

එබැවින් ඒ වනවිට දැඩි සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් පහක සංචරණ සීමා ලිහිල් කිරීමටත් කටුගොඩ, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල දැඩි සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යාමටත් කොවිඩ් කමිටුවේ දී ලැබුණු සෞඛ්‍ය උපදෙස් මත තීරණය කෙරිණි. නගර සභා ආඥා පනතේ ඇති බලතල අනුව මෙම සංචරණ සීමා පැනවීමේ ලිපිය පොලිසිය වෙත නිකුත් කිරීම නගරාධිපතිවරයාට පැවරිණි.

එසේ වුව ද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ තමන් සංචරණ සීමා පැනවූයේ නැති බවයි. ඒ අනුව මේ වනවිට ගාල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ස්ථානයක සංචරණ සීමා නැතැයි ද හෙතෙම කීවේය.

– lankadeepa
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…
ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh04XvLao283x_0_fr1viT5SVbXP7i2NiOFN6KR5HzJ-V8VZZpzACjGU5_RYnbCU4_D9TUIrCAEhTHexGRdq7wAycdtYW9MS3AmlxDWT59eBuQwphi4iK08aMx4LKXiyCXV06pMDN6GRYM/s320/coivi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh04XvLao283x_0_fr1viT5SVbXP7i2NiOFN6KR5HzJ-V8VZZpzACjGU5_RYnbCU4_D9TUIrCAEhTHexGRdq7wAycdtYW9MS3AmlxDWT59eBuQwphi4iK08aMx4LKXiyCXV06pMDN6GRYM/s72-c/coivi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_266.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_266.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy