දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ATM කපා සල්ලි හොරකම් කරන කල්ලියේ කොළඹ සරසවි කථිකාචාර්යවරයෙක්
Homeගොසිප්

ATM කපා සල්ලි හොරකම් කරන කල්ලියේ කොළඹ සරසවි කථිකාචාර්යවරයෙක්

PropellerAds

කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන ධනංජය හේරත් සහ හිටපු යුද හමුදා නිලධාරී ධම්මික පුෂ්ප කුමාර (29) තවත් ...

මංගල විපක්ෂයේ සිට කියූ අනාවැකියක් සැබෑ කරමින් ෂැන්ග‍්‍රි-ලා විවෘත වේ.
සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක්.........
2020 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරපු ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)
කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන ධනංජය හේරත් සහ හිටපු යුද හමුදා නිලධාරී ධම්මික පුෂ්ප කුමාර (29) තවත් දෙදෙනකු සමග එක්ව ගෑස් යන්ත්‍ර උපයෝගී කර
ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර (ATM) කඩා මුදල් රැස්කිරීමේ ජාවාරමක් සිදු කරමින් සිටියදී මීගමුව කොට්ඨාස පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී තිබේ.
රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් ඔවුන් සොරකම් කර ඇති අතර කොටුවූ අවස්ථාවේ රුපියල් ලක්ෂ 30ක මුදලක් ඔවුන් අත තිබී ඇත.
වාහනවල ටින්කර් වැඩ කිරීම ගැන අති දක්ෂයෙක් බව කියන මෙම කථිකාචාර්යවරයා ගෑස් උදුන් ආධාරයෙන් එම වැඩ කර ලබාගත් දැනුම මත ATM යන්ත්‍ර කපා වෙන් කර ඇති බවද අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක 75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29) නමැත්තෙකි.

ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති අයෙකි. මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව, මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබ සිටින මහඋස්සව, ආණමඩුව පදිංචි හේරත් මුදියන්සේලාගේ ධනංජය හේරත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන අතර එංගලන්තයේදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන තිබෙන බවත් ජපන් භාෂාව ඇතුළු භාෂා 6ක් චතුර ලෙස කතා කිරීමට නිපුණත්වයක් ඇති අයකු බවත් පොලිසිය කියයි.
තෙවැනි සැකකරු වන පනාගමුව පොතුහැර පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ යසරත්න තෙන්නකෝන් නමැත්තා බැංකු කැඩීම සඳහා තැනින් තැන යෑමට වාහනයේ රියැදුරු වශයෙන් කටයුතු කර තිබේ.
ATM යන්ත්‍ර කඩා මුදල් සොරකම් කිරීමට ඔවුන් රාජ්‍ය බැංකු තෝරාගෙන ඇත. ඔවුන් කොටු වූයේ පසුගිය 20දා මෙලෙස බිබිලේ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක යන්ත්‍රය කඩා මුදල් සොරකම් කිරීමට ගිය අවස්ථාවකය.
බැංකුව අසලට වාහනයකින් පැමිණ වාහනය රියැදුරු සමඟ බැංකුව අසල නවතා ගිය අවස්ථාවේ කණ්ඩායමක් බැංකුවට නුදුරින් ස්ථානයක මොවුන් ගැන නිරීක්ෂණය කර සැක ඇතිවී  රියැදුරුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර රියැදුරු යන්ත්‍රය කැඩීමට ගිය තිදෙනාට දැනුම් දුන් පසු ඔවුන් පලා ගිය බවත් වාර්තාවෙයි. එම අවස්ථාවේ වාහනයේ අංකය පොලිසියට ලබාදී බැංකු කොල්ලය ගැන කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
සිද්ධියට අදාළ සිව්වන සැකකරු තවම සැඟවී සිටී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ATM කපා සල්ලි හොරකම් කරන කල්ලියේ කොළඹ සරසවි කථිකාචාර්යවරයෙක්
ATM කපා සල්ලි හොරකම් කරන කල්ලියේ කොළඹ සරසවි කථිකාචාර්යවරයෙක්
http://ift.tt/2k2CEvq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/atm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/atm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy