වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විරුද්ධ පක්ෂයේ සිටියදී කියූ දේශපාලන අනාවැකියක් අද (16) සැබෑ වී තිබේ. එකී අනාවැකිය අද සැබ...
වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විරුද්ධ පක්ෂයේ සිටියදී කියූ දේශපාලන අනාවැකියක් අද (16) සැබෑ වී තිබේ. එකී අනාවැකිය අද සැබෑ වූයේ ෂැංග්‍රිල්ලා කලම්බු හෝටලය විවෘත කිරීමත් සමගය. එදා මංගල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ ‘කවුරු මුල්ගල තිබ්බත් ෂැංග්‍රිලා හෝටලය විවෘත කරන්නෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ එහි නායකයින්' බවයි.
ෂැංග්‍රිලා හෝටලයට එදා මුල්ගල තැබුවේ එවක පැවති රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය. ෂැංග්‍රිලා කලම්බු හෝටලයේ දේශීය නියෝජිතයා වන මංගලගේ සමීපතම මිතුරෙකු වන සජාඩ් මව්සුන් පවා එදා මංගලගේ කතාවට සිනා පහල කලේ මංගල දවල් හීන දකිනවා යැයි කියමිනි. එකල ඔහු මංගලට උදව් කලේ හොර රහසේය. අද ඔහු මංගලගේ සෙවනැල්ල මෙනි. අද ඔහු බැසිල් දිහා හැරිලාවත් බලන්නේ නැත. දේශපාලනයේ හැටි එසේය. නමුත් ඔහු රාජපක්ෂලාට යටින් උදව් කරනවා විය හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ව්‍යාපාර කටයුතු එකි නෙක වෙලී බැඳී පවතින හෙයින් ඒ පිළිබඳව සජාඩ්ට දොස් කිව නොහැක.
ෂැංග්‍රිලා හෝටලයේ පීත්ත පටිය කපා එය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝටලයේ තිස්පස්වන තට්ටුවට ගොස් බියෙන් මෙන් හාත්පස බලන ආකාරය අද දෙරණ රූපවාහිනිය මගින් මනා ලෙස ප්‍රදර්ශනය කළ අතර ඉන්පසු පෙන්වන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල තැබූ ආකාරයේ දර්ශනාවලියකි. එය කෙතරම් දීර්ඝ වීද යත් අද හෝටලය විවෘත කලේ බැසිල් රාජපක්ෂ විසින් යැයි සිතීමට තරම් දෙරණ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කළේය. ගෙවී ගිය සොඳුරු අතීතය පිළිබඳව දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිනිය වැලපුනේ ඒ අයුරිනි.
අද පැවති උත්සවයේ එක්තරා පුද්ගලයෙකු සුව්ශේෂ විය. ඔහු එදා මුල්ගල තබන අවස්ථාවේදීත් ප්‍රධාන ආරාධිතයන් අතර විය. එමෙන්ම අද උත්සවයේදීත් ප්‍රධාන ආරාධිතයන් අතර සිටීමට ඔහුට හැකිවිය. ඒ අන් කවරෙකු වත් නොව එවක කොළඹ පුරපතිව සිටි එම්.ජේ.එම් මුසම්මිල් මහතාය. අද උත්සවයට ඔහු විශේෂයෙන්ම පැමිණ සිටියේ මැලේසියාවේ සිටය. ඔහු මේ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබයි.
මේ සියළු විස්තර වලින් උගත හැකි පාඩම නම් දේශපාලනය විශාල වේගයකින් වෙනස් වන බවයි. ලෝක දේශපාලනය මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලනයේද තත්වය එසේමයි.
ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ නව යුගයක් උදාකරයි
කොළඹ ගාලූ මුවදොර ඉතාමත් මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ එම සමාගම් සමූහය විසින් සුන්දර මුහුදු වෙරළ, ඓතිහාසික ස්ථාන, ස්වභාව සෞන්දර්යෙන් සහ වන සතුන්ගෙන් විචිත‍්‍රවත් වූ වසර පුරාම සංචාරකයින්ගේ පරාදීසයක් බවට පත්වී තිබෙන ශ‍්‍රී ලංකාව තුළ ඉදිකළ දෙවන හෝටලයයි. කොළඹ නගරයට නව නාගරික හැඩතලයක් එක් කිරීමට සමත්ව තිබෙන ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ ගෙස්ට් රූම් සහ සූට්ස් 500 කින් සහ කිසිදු බාධාවකින් තොරව ඉන්දියන් සාගරය, බේරේ වැව සහ කොළඹ අහස දැකුම්කළුව දිස්වන සර්විස්ඞ් අපාර්ට්මන්ට් 41 කින් සමන්විත වේ.
මෙහි ඉදිකර තිබෙන අති නවීන ගෙස්ට්රූම් ටීල් සහ දුඹුරු වර්ණ සංකලනයෙන් වර්ණ ගන්වා තිබෙන්නේ මුහුදු වෙරළාශ‍්‍රිත හැඟීම දැනවීම සඳහායි. මෙම කාමර වර්ග මීටර් 42 ක සිට 210 ක් දක්වා පරාසයක විහිදෙන අතර මාර්බල්, සිල්ක් ඇතුළු ද්‍රව්‍ය යොදා ගනිමින් ශ‍්‍රී ලාංකේය හැඩහුුරුව සුරැුකෙන පරිදි අති සුඛෝපභෝගීව නිමවා ඇත.
හෝටලයේ ඉහළම මහල් තුන තුළ ’හොරයිසන් ක්ලබ් රූම්ස්’ යන අති සුඛෝපභෝගී කාමර පිහිටා තිබෙන අතර මේවා සඳහා ලියාපදිංචි වීමට සහ පිටවීමට එම ස්ථානයේම පහසුකම් සපයා තිබීම කැපී පෙනේ. මීට අමතරව, මෙම කාමරවල සිටින අමුත්තන්ට උදේ ආහාරය, මත්පැන් කාමරයටම පිළිගන්වන අතර කැපවුණු Club Concierge සේවාවක් සහ මුහුද පෙනෙන කොළඹ පිහිටි එකම lounge එක වන 32 වන මහළේ පිහිටි Horizon Club Lounge වෙත ප‍්‍රවේශවීමේ පහසුකම ලබාදී ඇත.
කොළඹ නගරය තුළ අති නවීන නේවාසික අවස්ථාවන් ලබාදීම සඳහා නිර්මාණය කළ මෙම හෝටලයේ සූට්ස් 34 සඳහා වෙන වෙනම සේවකයෙකු බැගින් සිටින අතර මේවායේ සිටින අමුත්තන්ට Horizon Club Lounge වෙත ප‍්‍රවේශ වීමේ අවස්ථාව හිමිවේ. The three යනුවෙන් නම්කර තිබෙන තනි කාමරයේ විශේෂ සූට්ස් මනස්කාන්ත වූ ඉන්දියන් සාගරය පෙනෙන ලෙස ඉදිකර තිබෙන අතර වර්ග මීටර් 210 ක් වන ෂැන්ග‍්‍රි-ලා සූට්ස් නිර්මාණය කර තිබෙන්නේ සාගරය පෙනෙන ලෙස තැනූ කාමර තුනකින් සමන්විත හෝටලය තුළ තිබෙන විශාලතම සූට්ස් ලෙසයි.
දිගු කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තුවන අමුත්තන්ට මුළුතැන් ගෙයකින් සහ ලිවින්ග් රූම් එකකින් සමන්විත තනි හෝ කාමර දෙකේ සර්විස්ඞ් අපාර්ට්මන්ට් 41 භාවිතා කළ හැකිය.
කොළඹ නගරය තුළදී අසමසම ප‍්‍රණීත ආහාර පාන අත්දැකීමක් ලබාදීම සඳහා ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ තුළ අවන්හල් සහ බාර් 06 ක් පිහිටා ඇත. මෙම හෝටලයේ ගෞරවණීය ලිපිනය වන One Galle Face විදහා දක්වමින් Table One අවන්හල නිර්මාණය කර තිබෙන්නේ ’ඉන්ටරැක්ටිව් කුකින්ග් ස්ටේෂන්’ යන සංකල්පය භාවිතා කරමිනුයි. මෙම අවන්හල අමුත්තන් සඳහා දිනපතා උදෑසන සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා විවෘතව තැබේ.
ෂැන්ග‍්‍රි-ලා හෝටල් ජාලය තුළ ඉතාමත් ජනප‍්‍රිය Shang Palace චීන අවන්හලක්ද මෙම හෝටලයේ පිහිටා ඇති අතර එය චීන සම්ප‍්‍රදායට ගැලපෙන පරිදි සරසා තිබේ. මෙම අවන්හල මැද custom-made duck oven එකක් තිබෙන අතර මෙහි සියළුම තාරාවන් පිසීම සිදුකරන්නේ දර භාවිතා කරමිනි. Sichuan, Dongbei සහ Canton වල සාම්ප‍්‍රදායික ආහාර සකස් කිරීමට අමතර Shang Palace චීන අවන්හල විසින් රසවත් ආහාර ගණනාවක් සකස් කිරීමට නම් දරා තිබේ.
මනස්කාන්ත Capital Bar & Grill ඨරසකක අවන්හල මගින් අමුත්තන්ට ස්ටීක්ස්, ග‍්‍රිල්ඞ් සීෆුඞ්ස් සහ නගරය තුළ තිබෙන පුළුල්ම විස්කි එකතුව පිළිගන්වනු ලබයි. මීට අමතරව, buzzing and energetic bar" “The White Room“, “Blue Room“ සහ breezy terrace යන ස්ථාන තුළදී අමුත්තන්ට එකිනෙකට වෙනස් ආහාර පාන අත්දැකීමක් විඳගත හැකිවේ.
මීට අමතරව, ශ‍්‍රී ලාංකේය සූපවේදී දර්ශන් මුණිදාස මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යන අපට අනන්‍ය වූ කුළුබඩු සාරයෙන් රස ගැන්වූ ආහාර පිළිගන්වන ’කෑම සූත‍්‍ර’ අවන්හලක්ද මෙම හෝටලය තුළ පිහිටා ඇත. මෙම ස්ථානය ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය කැපී පෙනෙන ලෙස සරසා තිබීම කැපී පෙනේ.
මීට අමතරව, Sapphyr Lounge එක තුළදී අමුත්තන්ට පිළිගන්වන සවස තේ සංග‍්‍රහය තේ විශේෂඥයින් විසින් සකසන අතර ශ‍්‍රී ලංකාව මැණික් වලින් පිරුණු දිවයිනක් බව පෙන්වීමට මැණික්වල හැඩහුරුවට තැනූ ආහාර මෙහිදී පිළිගන්වයි.
ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ තුළ විවිධ වැඩසටහන් සිදුකළ හැකි පරිදි එය ගොඩනගා තිබෙන අතර ශ‍්‍රී ලංකාව තුළ එවැනි වැඩිම පහසුකම් ප‍්‍රමාණයක් තිබෙන හෝටලය ලෙස මෙය කැපී පෙනේ. මෙම අවකාශය වර්ග මීටර් 3500 කට වැඩිවන අතර මේ තුළ බෝල් රූම් දෙකක්, පිටත තණකොළ පිටියක් සහ අමුත්තන් 3000 කට පහසුකම් සැපයීමට හැකි විවිධ වැඩසටහන් පැවැත්විය හැකි ශාලා කිහිපයක් ඇත. බැංකොක් සහ සිංගප්පූරුව මෙන්ම සම්මන්ත‍්‍රණ ඇතුළු වැඩසටහන් පැවැත්වීමට සංචාරකයින් ආකර්ශනය කරගනිමින් ශ‍්‍රී ලංකාව ආසියාවේ අංක එකේ MICE සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණයි. මේ අනුව, මෙම හෝටලය විවාහ මංගල්‍ය උත්සව, විවිධ උත්සව, රාත‍්‍රී භෝජන සංග‍්‍රහ ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්වීමේ පහසුකම් සහිතව නිර්මාණය කර ඇත.
සුව දිවිය වෙනුවෙන් අවධානය යොමු කරමින් හෝටලය තුළ පිහිටි CHI ස්පා සඳහා ප‍්‍රතිකාර කාමර හතක් වෙන්කර තිබෙන අතර ශ‍්‍රී ලාංකේය සහ නැගනෙහිර ආසියාතික සාම්ප‍්‍රදායික සම්බාහන ප‍්‍රතිකාර මාලාවක් මෙහිදී අමුත්තන් සඳහා ලබාදෙයි. අති සුන්දර දසුන් නරඹමින් උණුසුම් වීමට කැමති අමුත්තන්ට හෝටලයේ තිබෙන ’සන් ටෙරසය’ තුළදී එම පහසුකම හිමිවන අතර ඉන්දියන් සාගරය සහ ගාලූ මුවදොර පිටිය පෙනෙන ලෙස තැනූ විශාල පිහිනුම් තටාකයේ පහස ලැබීමටද අවස්ථාව ඔවුන්ට හිමිවේ. මීට අමතරව, පැය 24 පුරාම අවදියෙන් සිටින හෙල්ත් ක්ලබ් එකක් හෝටලයේ තිබෙන අතර කුඩා දරුවන් වෙනුවෙන් විනෝදාස්වාද ක‍්‍රියාකාරකම් සිදුකිරීමට Cool Zone හිදී අවස්ථාව හිමිවේ.
අමුත්තන් සඳහා ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ විසින් කොළඹ නගරය තුළදී මෙතෙක් නොවිඳි වර්ණවත් සත්කාරක අත්දැකීමක් ලබාදෙන අතර විශේෂයෙන්ම සැකසූ සාම්ප‍්‍රදායික බවින් ඔබ්බට ගිය සංස්කෘතිකමය සහ ඓතිහාසික සංචාරක ගමන්, ඉදිරිපෙළ අසුන්වල සිට ක‍්‍රිකට් තරග නැරඹීමේ අවස්ථාව, ශ‍්‍රී ලාංකේය කලාකරුවන් මුණ ගැසීමේ අවස්ථාව වැනි සුවිශේෂී අත්දැකීම් ලබාදීමට සූදානමින් සිටී. වැඩිදුර තොරතුරු සහ වෙන්කර ගැනීම් සඳහා දුරකතන අංකය +960 689 7888ල ඊ-මේල් reservations.slcb@shangri-la.com හෝ http://ift.tt/2zMM5qq වෙබ් අඩවියට පිවසෙන්න.
COMMENTS