පසුගිය රජය සමයේ පොලිස්පතිධුරය දැරුවේ වෘත්තීමය පොලිස්පතිවරු බව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ කොළඹදී පැවති...
පසුගිය රජය සමයේ පොලිස්පතිධුරය දැරුවේ වෘත්තීමය පොලිස්පතිවරු බව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේවන විට සිටින පොලිස්පතිවරු පිළිබඳ තමා කතා කිරීම හොඳ නැති බවත් අවුරුදු 30ගණනක සේවයක් ඇති නිලධාරියෙකු වෘත්තීමය වැඩ කරන්නේ කෙසේද වැඩ නොකරන්නේ කෙසේද යන්න ඔවුන්ම තීරණය කළ යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.
උතුරේ ආරක්ෂාව තහවුරු බවට වත්මන් ආරක්ෂක ලේකම්වරයා කරන ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූයේ උතුරේ හොඳ ආරක්ෂාවක් ඇතැයි බුද්ධි අංශ දෙන තොරතුරු අනුව ආරක්ෂක ලේකම්වරයා එම ප්‍රකාශ සිදු කරන බවට තමා විශ්වාස කරන බවයි.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS