වැලිකන්ද හා ලංකාපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. වැලිකන්ද ප්‍රදේශයෙන් දෙදෙනෙක් හා ලංකාපුර ප්‍රදේශයෙන් එක් අයෙක් ...
වැලිකන්ද ප්‍රදේශයෙන් දෙදෙනෙක් හා ලංකාපුර ප්‍රදේශයෙන් එක් අයෙක් ලෙස තිදෙනෙකු මෙසේ වාර්තා වී ඇත.
එම වාර්තා තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ආශ්‍රිතයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දිනයේ හබරාදුවේ හා රාජාංගණයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා විය.
මේ සමගම අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි හතර දෙනෙක් සහ කුවේටයේ සිට පැමිණි එක් අයෙක් හඳුනා ගෙන ඇත.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2464 දක්වා ඉහළ යයි.
COMMENTS