හැටන් සප්ත කන්‍යා කදුවැටියේ අලි බැලීමට ගොස් අතරමංව සිටි පුද්ගලයින් පස්දෙනා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් අද (14) උදෑසන සොයාගෙන ...
හැටන් සප්ත කන්‍යා කදුවැටියේ අලි බැලීමට ගොස් අතරමංව සිටි පුද්ගලයින් පස්දෙනා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් අද (14) උදෑසන සොයාගෙන තිබේ.
බෙල් 412 හෙලිකොප්ටර් යානයකින් කළ සෝදිසියකින් පසු නල්ලතන්නිය කැලයේ අතරමංවී සිටි බැතිමතුන් පස් දෙනා සොයාගත් බව වාර්තාවේ.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්‍ෂපාන වතුයායේ අධිකාරිවරයාගේ පුතා ඇතුලූ මිතුරන් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු පෙරේදා (12) පස්වරුවේ ලක්‍ෂපාන හැමිල්ටන් රක්‍ෂිතයේ නැරඹිමට ගොස් අතරමං වි සිටි අයගෙන් නල්ලතන්නිය පොලිසියේ නිළධාරින්ට ඊයේ(13) දුරකථන ඇමතුමක් ලැබුණු බව නල්ලතන්නිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති අනිල් ජයසිංහ මහතා පැවසීය.
ඔහුන් රක්‍ෂිතය තුලට පෙරේදා (12) පස්වරුවේ ඇතුලූ විමෙන් අනතුරුව මාර්ගය සොයා ගැනිමට නොහැකිව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව යුද හමුදා නිලධාරීන් පිරිසක් හා නල්ලතන්නියේ පොලිසියේ නිළධාරින් පිරිසක් ඔහුන් සොයා රක්‍ෂිතය තුල මෙහෙයුමක් ආරම්භ කළේය.
එම අතුරුදහන් වු අයගෙන් එක් අයෙකු මෙහෙයුමේ නිරත පොලිස් නිළධාරියෙකුට දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ තමන්ට ජල විදුලි බලාගාරයෙකින් ජලය ගලා බසින විශාල නල දෙකක් පෙනෙන බවත් එම ජලනල පෙනෙන ප‍්‍රදේශයට තමන් ගමන් කරමින් සිටින බවයි.
ඔවුන්ගේ දුරකථන වල සංඥා නොමැති නිසා ඔහු සම්බන්ධ කර ගැනිම දැඩි දුෂ්කර වූ බවද වාර්තා විය.
COMMENTS