මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ...
මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි විශ්වාසය පළ කර සිටියි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඇප අයදුම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවය. කෙසේ නමුත් ඔහු පවසන්නේ ඔවුන් දෙදෙනා වරදක් සිදුකර ඇත්නම් වසරක් සහ වසර 03ක් අතර කාලයක සිර දඬුවමක් සහ ඩිරාම් දහදාහක දඩයක් පැනවීමට හැකියාව ඇති බවය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරි දිනකදී යළි ඩුබායි වෙත යන බවය. මෙම පිරිස මේ වනවිට ඩුබායිහි රඳවා සිටින අතර එරට නීතියට අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙමින් පවතියි.
COMMENTS