ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් ...
ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න මහතා ඊයේ (23) සිට යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු වසරකටත් අධික කාලයක් රක්‌ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදා හැරීමට පසුගියදා අවිස්‌සාවේල්ල මහාධිකරණය නියෝග කර තිබිණි.
එසේ ඇප ලැබීමෙන් පසු ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න මහතා යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා කටයුතු කර ඇත.
යළි එසේ සේවයේ පිහිටුවනු ලැබුවද ඔහු කිසිදු විශේෂ රාජකාරියකට යොමුකර නොමැති බවද යුද හමුදා ආරංචි මාර්ග පවසයි.
COMMENTS