සියයට තුන්ක ගත්තු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරීමට තමන් සම්බන්ධ නොවන බවත්, යම් කිසි ගනුදෙණුවක් තිබේනම...
සියයට තුන්ක ගත්තු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරීමට තමන් සම්බන්ධ නොවන බවත්, යම් කිසි ගනුදෙණුවක් තිබේනම් එය බේරා ගන්නට පුද්ගලිකව මැදිහත් වන්නේ තමා බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නයි ද සංචාරක අමාත්‍යවරයා අග්‍රමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ඇමතිවරයා මාධ්‍ය අමතා මෙසේ ද ප්‍රකාශ කර තිබිණි.
“ ඒ වගේ ක්‍රියාදාමයන් අපි කවදාවත් අනුමත කරන්නෙ නෑ. ඒ වගේ සිද්ධියක් ඇති කරන්න ඕන නම් එක එක්කෙනා දම්මලා ගස්සන්නෙ නෑ. එහෙමනම් මමයි ගිහින් ඒකට අභියෝග කරන්නේ. දෙකහි පනහ වැඩ කරන්නෙ කොන්දක් පණ නැති මිනිස්සු ඉදිරියට ගිහින් කරන් බැරි මිනිස්සු මිසක් සාධාරණ මිනිස්සු නෙමෙයි. මේ වගේ දේවල් කවුරු කළත් වැරදියි.
මා මේ වනවිටත් පොලිසියට කියලා තියනවා මේ ගැන පරීක්ෂා කරන්න විතරක් නෙමෙයි, කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්නත් ඕන. මේවට සම්බන්ධ මිනිස්සු රටට හෙළි කරන්ත් ඕන.
ඔය සියයට තුනක් ගත්ත ජනතා විමුක්ති පෙරමුණට ඔයවගේ බිත්තර ගහන්න මටනම් කිසිම උවමනාවක් නෑ. ඒ අයත් එක්ක මට යම් කිසි ගනුදෙණුවක් තියනවා නම් බේරගන්න මා පෞද්ගලිකවම අප මැදිහත් වෙනවා මිසක් ඔය දෙයකි පනහෙ වැඩ කරන්නෙ නෑ. “

COMMENTS