ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක බව මුදල් අමා...
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.
මේවන විට වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් ලීසිං පහසුකම ලබාගැනීමට මේ වන විට අවස්ථාව හිමිව තිබිණි.
2017 අයවැය යෝජනා මගින් ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ ජීප් සඳහා ලීසිං පහසුකම් ලබාගැනීම දැඩිව සීමා කර ඇති අතර ඒ අනුව එම වාහන මිලදී ගැනීම සීඝ්‍ර ලෙස අඩුවීමටත්, එය ලීසිං ක්ෂේත්‍රයේ බලවත් කඩා වැටීමකටත් හේතු විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
නමුත් නව ක්‍රමවේදය අනුව එක් එක් වාහන සඳහා ලබා දිය හැකි ලීසිං සීමාව වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෝටර් රථ සඳහා මින් ඉදිරියට ලීසිං පහසුකම ලබාදිය හැක්කේ මෝටර් රථයේ තක්සේරු වටිනාකමින් සියයට 50ක් වන අතර, ත්‍රීරෝද රථ සඳහා එය සියයට 25 දක්වා අඩු කර තිබේ.
2017 අයවැය යෝජනා අනුව ත්‍රිරෝද රථ සඳහා ණය - තක්සේරු අනුපාතය 25%කි. එමෙන්ම, කාර්, වෑන් හා ජීප් රථ සඳහා 50%ක් වන අතර, වාණිජ වාහන (ලොරි හා බර වාහන) සඳහා එය 90%ක් කර තිබේ.
ඒ අනුව ත්‍රිරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබා ගන්නේ නම් ඒ සඳහා සිදු කරනු ලබන තක්සේරු වටිනාකමෙන් ණය ලබාදෙන්නේ සියයට 25ක ප්‍රමාණයකි.
ඒ අනුව ඔබ රුපියල් ලක්ෂ 20ක තක්සේරු වටිනාකමකින් යුතු මෝටර් රථයක් මිලදී නම් ඒ සඳහා ලීසිං ඔබට ලීසිං පහසුකම් ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10 මුදලකි. ඉතිරි රුපියල් ලක්ෂ 10 මුදල ඔබට පෞද්ගලිකව යෙදවීමට සිදුවෙයි. ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ණය තක්සේරු අනුපාතය සියයට 25ක් කිරීමෙන් ත්‍රිරෝද රථ මිලදී ගැනීම තවදුරටත් අධෛර්යමත් කිරීමට රජය කටයුතු කර තිබේ.
කෙසේවෙතත් පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයක් සඳහා තක්සේරු වටිනාකමින් සියයට 70ක ලීසිං පහසුකම ලබාදිය හැකි අතර යතුරු පැදි සඳහා ද සියයට 70ක ලීසිං පහසුකමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.
බස් ඇතුළු මගී ප්‍රවාහන වාහන සඳහා ලීසිං පහසුකම තක්සේරු වටිනාකමින් සියයට 90 දක්වා ලබාදීමට මූල්‍ය සමාගම් වලට අවසර හිමිව තිබේ.
2017 වර්ෂයේ අයවැය නිර්දේශ වලට අනුව මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
COMMENTS