අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි අමෙරිකා එක්සත් ජනපදයේ හිටප...
අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය මහතා දෙසැම්බර් 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
මෙරටින් පිටවයාමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ජාලිය වික්‍රමසූරිය මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාලිය වික්‍රමසූරිය මහතා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 32,000ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබේ.
COMMENTS