ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධාන සාකච්ඡා සාර්ථකව මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව ඉදිරි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධාන සාකච්ඡා සාර්ථකව මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.
මේ සඳහා දෙපාර්ශවයම කැමැත්ත පළ කර ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
මහ මැතිවරණයේදී සන්ධාන ගතවීම සඳහා වන ගිවිසුම ද මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී පවතින නීතිමය තත්වයක් මත පොහොට්ටුව ලකුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.
ඒ හේතුවෙන් මහ මැතිවරණයේදී මෙම නව සන්ධානය සහ නව ලකුණෙන් තරග කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.

COMMENTS