දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 
Homeප්‍රවෘත්ති

'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 

PropellerAds

රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවස...

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට නව ක‍්‍රමවේදයක්
විෂන් 2020 වැඩසටහන අහෝසි කර නෑ - රාජිත කියයි
වත්කම් හෙළි කළ එකම ජනාධිපතිවරයා මමයි - ජනපති පවසයි.
'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 

රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

තමා සිටින්නේ ලංකාවේද, වෙනත් විදේශ රටකද යන්න තම දේශපාලන ක්‍රියාකාරිත්වයට ගැටළුවක් නොවුණු බවත් එය බන්ධනාගාරය යන්නද මෙතෙක් ගැටළුවක් නොවුණු බවත් ඔහු පැවසී ය.

සිය සිරදඬුවම් කාලය නිමකරමින් අද (02) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස්වූ මොහොතේ මාධ්‍යවේදීන් හමුවේ මේබව පැවසීය.

විධිමත් ලෙස පුරවැසිභාවය ඉල්ලා සිටිනු ලැබුවහොත් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවට පසුගියදා ඇතැම් බලධාරීන් විසින් කරනු ලැබූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ගුණරත්නම් මහතා කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමට පෙර සිටම පුරවැසිභාවය ඉල්ලා විධිමත් අයදුම්පත් යොමු කළ බවයි.

මේ වන විට එවන් අයදුම්පත් ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට යළි විධිමත් අයදුම්පත් යොමුකරන ලෙස කීම හාස්‍යට කරුණක් බවත් ගුණරත්නම් මහතා පෙන්වා දුන්නේය.

ඉතාම පැහැදිලි ලෙස තමාගේ පාරම්පරික පුරවැසිභාවය වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළ බවත්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගත හැක්කේ මෙරට පුරවැසිභාවය ලැබීමෙන් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

පැවති රජයත්, පත්වුණු රජයත් ඒවායේ නායකකාරකාදීනුත් තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීම හැරුණුවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට හෝ පුරවැසියෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට කටයුතු නොකරන බව ගුණරත්නම් මහතා අවධාරණය කළේය.

එබැවින් තමාට විශ්වාසය ඇත්තේ රජය ගැන නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන තම පාක්ෂිකයින්, ප්‍රගිතිශීලි බලවේග, සිවිල් සංවිධාන, වාමහිතෛශි පුද්ගලයින් ගැන පමණක් බව හෙතෙම පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 
'ඉන්න තැන වැඩක් නෑ' - කුමාර් ගුණරත්නම් අරගලයට සූදානම් 
http://ift.tt/2gTtNaq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy