තමන්ගේ වැටුප් ප‍්‍රමාණවත් නැතැයි මන්ත‍්‍රීවරුන් කීවත් රටේ ආර්ථිකය හා භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව ඔවුන්ගේ හා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ හැකිද...
තමන්ගේ වැටුප් ප‍්‍රමාණවත් නැතැයි මන්ත‍්‍රීවරුන් කීවත් රටේ ආර්ථිකය හා භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව ඔවුන්ගේ හා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ හැකිද යන්න ගැටළුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මන්ත‍්‍රීවරුන් දීමනා ප‍්‍රමාණවත් නොවන බවට කරුණු දැක්වීමෙන් පසුවය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ තමන්ට සියලූම දීමනා සමග ලැබෙන්නේ මන්ත‍්‍රීවරයෙකුටත් වඩා අඩු වැටුපක් වුවත් තමන් කිසි දිනෙකත් වැටුප් වැඩිකරන්නැයි නොඉල්ලන බවත් මන්ත‍්‍රීවරුන් ද තම වියදම්වල පාලනයක් මෙන්ම ජීවිතවල සරල බවක් ඇති කරගත යුතු බවත්ය.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් සිටින බවත් වාහන 05ක් හිමිවන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එම වරප‍්‍රසාදවලින් තමාට යම් ප‍්‍රමාණයක් අඩු කරගත හැකිද යන්න පිළිබඳව සියල්ලන්ම සැලකිලිමත් විය යුතු බව ද අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මට්ටමෙන් ගත්විට ටෙන්ඩර් ක‍්‍රියාවලිය 50%කට වඩා දූෂිත බව පැවසූ ඒ මහතා තාක්ෂණ ඇගයීම් කමිටු නිලධාරීන් ද ඔවුන්ට සම්බන්ධකම් ඇති සමාගම්, ආයතන වෙනුවෙන් පෙනී සිටින බව ද සඳහන් කළේය.
තවද සංවිධානාත්මක ලෙස අල්ලස හා දූෂණය අද සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා එසේ සිදුවන දෙපාර්තමේන්තු නම් කළහොත් ඔවුන් හෙට උදෑසන වනවිට වර්ජනය කිරීමට ඉඩ ඇති නිසා නම් නොකියන බව ද ප‍්‍රකාශ කළේය.
සමහරුන් යම් ලිපිගොනුවක් ඉදිරිපත් කළ විට එෆ්.සී.අයි.ඩීය වෙත යන්නට ඇති බියෙන් අත්සන් තැබීම ප‍්‍රතිෙක්‍ෂ්ප කරන තත්ත්වයක් ඇතැයි ද තමන්ට අයිති දේ නිසිලෙස ඉටුකරනවා නම් එසේ සිතන්නට අවශ්‍යය වන්නේ නැතැයිද පැවසීය.
COMMENTS