හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත රත්නසිරි වික්රමනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ අද (31) සවස හොරණ මහජන ක්‍රීඩාංගණයේද...
හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත රත්නසිරි වික්රමනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ අද (31) සවස හොරණ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.
වික්‍රමනායක මහතාගේ දේහය රැගත් අවමඟුල් පෙරහර අද පස්වරු 2.00ට හොරණ ඒ මහතාගේ නිවෙසින් පිටත් වෙයි.
මේ අතර අභාවප‍්‍රාප්ත රත්නසිරි වික්රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.
1960 මාර්තු මැතිවරණයට මහජන එක්සත් පෙරමුණෙන් තරග කර ජයගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. එතැන් පටන් පුරා වසර 55ක් දේශපාලනයෙහි යෙදුණු වික්‍රමනායක මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු, කැබිනට් ඇමැතිවරයකු, විපක්‍ෂනායක, පාර්ලිමේන්තුවේ සභානායක යන තනතුරු හොබවා 2000 වසරේ ශ්‍රී ලංකාවේ 11 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.
බස්නාහිර පළාත් සභාවට තරග කර ජයගත් වික්‍රමනායක මහතා එම පළාත් සභාවේ ඇමැතිවරයෙක් ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු ලෙසද, පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙසද ඔහු කටයුතු කර ඇත.
COMMENTS