දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ තැන තැන කොටි සැමරුම්… පොලිසිය පැමිණ උණුසුම් තත්වයන්…
Homeප්‍රවෘත්ති

උතුරේ තැන තැන කොටි සැමරුම්… පොලිසිය පැමිණ උණුසුම් තත්වයන්…

PropellerAds

නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට යොදී ඇති මහවිරු දිනය සහ එල්.ටී.ටී.ඊ නායකයාගේ උපන්දිනය උතුරු පලාතේ ස්ථාන කිහිපයක රහසිගතව සහ විවිධාකාරයෙන් සැම...

කළාපයේ සාගර ආරක්ෂාව වෙනුවෙන් යාත්‍රා මිලදී ගන්නවා - හමුදාපති
කුරුණෑගල මුස්ලිම් පල්ලි දෙකකට අන්තවාදි ප්‍රහාරයක්
| දෙමෝදර පාලම ගැන නොදත් කතාව vedio සහිතයි |
නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට යොදී ඇති මහවිරු දිනය සහ එල්.ටී.ටී.ඊ නායකයාගේ උපන්දිනය උතුරු පලාතේ ස්ථාන කිහිපයක රහසිගතව සහ විවිධාකාරයෙන් සැමරුම් සිදුකර ඇති අයුරු වාර්ථා වෙයි.

මේ අතර පසුගිය වසර වලට වෙනස්ව උතුරේ ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් සිදුකිරීමට පියවර ගෙන තිබූ අතර එම සැමුරුම් වෙනුවෙන්ද ආරක්ෂක අංශ සීරුවෙන් සිටීම හේතුවෙන් සැමරුම් සිදුකරන ලද පුද්ගලයින් සහ ආරක්ෂක අංශ අතර ඇතම් ස්ථාන වලදී උණුසුම් තත්වයන් ඇති විය.

මුලතිව් වෙරල ආසන්නයේ මහවිරු සැමරුමක් සිදුකිරීමට ගිය පිරිසක් අතර සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට යාමේදී එහි සිටි පිරිස් සමග උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී පොලීසියට රැස්ව සිටි පිරිස්වලින් දැඩි විරෝධයක එල්ල විය. නමුත් පොලීසිය සඳහන් කොට සිටියේ අදාල පුද්ගලයා පොලිස් භාරයට ගැනුනේ පහරදීමක් සම්බන්ධයෙන් බවටත් අනතුරුව ඔහු පොලිස් ඇප ලබා මුදා හැර ඇති බවටත්ය.

එමෙන්ම යාපනය වේලනෙයි ප්‍රදේශයේද මහවිරු සුසාන භූමියක මහවිරු සැමරුමක් සිදුකිරීමට ගිය පිරිසකට ආරක්ෂක අංශ විසින් එ නැවත්වීමට පියවර ගැනීමත් සමග අදාල පිරිස්වල දැඩි විරොධයක් එල්ල විය.

උතුරු පලාතේ අධිකරණ කිහිපයකින් මහවිරු සැමරුම් සඳහා අධිකරණ තහනම් නියෝග පොලීසිය විසින් ලබා දී තිබූ අතර තහනම් නියෝග ලබා නොදුන් අධිකරණ මගින් යම් මහවිරු සැමරුමක් සිදුකොට මහජන සාමය කඩකෙරෙන ආකාරයේ ක්‍රියාවක් සිදුකෙරෙන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කොට අදාල පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලීසියට නියෝග කොට තිබුණි.

එවැනි වාතාවරනයක් අතර යාපනය ,මුලතිව්, මන්නාරම කිලිනොච්චිය යන දිස්ත්‍රීක්කයන්හි දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහවිරු පවුල් සාමාජිකයින් විසින් මහවිරු සැමරුම් ලෙසින් ප්‍රසිද්ධියට පත් නොකොට විවිධාකාරයෙන් සැමරුම් සිදු කොට තිබුණි.

ප්‍රභාකරන් මිය ගිය මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුලතිව්හි හින්දු කෝවිල් කිහිපයක සහ මුහුදු වෙරල ආසන්නයේද යාපනය දිස්ත්‍රීක්කයේද ස්තාන 20 කට ආසන්න ප්‍රදේශයන්හි මහවිරු සැමරුම් සිදුකල අතරම යාපනය සරසවියේද සිසුන් පිරිසක් රහසිගතව සරසවියතුල ගොඩනැගිල්ලක් තුල කොටි නායක ප්‍රභාකරන්ගේ 67 වන උපන්දිනය වෙනුවෙන් කේක් ගොඩියක්ද කපා තිබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් මෙලෙස මහවිරු සැමරුම් සිදුකෙරෙති.

කෙසේ වෙතත් වෙනත් වසරවලදී මෙන් මෙවර මහවිරු සැමරුම් ප්‍රසිද්ධියේ සිදු නොවීමද විශේෂත්වයක් වන අතර මහවිරු සැමරුම් සිදුවන ස්ථානවල ආරක්ෂක අංශ විසින්ද අධික්ෂණය කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ තැන තැන කොටි සැමරුම්… පොලිසිය පැමිණ උණුසුම් තත්වයන්…
උතුරේ තැන තැන කොටි සැමරුම්… පොලිසිය පැමිණ උණුසුම් තත්වයන්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNcFMOudHa8oBXyP75Ar9JFF8IRyFs2EZwIBMIeg5dJRLaEO8D0eT0wqv6y0XHQ5-VwDCQrl2tvg1itqqatlLESJ_6YSLh23JL62RlXOGsXPLGxAXpWp9qMSCAwEh1en67duUEG_cKT3gy/s320/koy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNcFMOudHa8oBXyP75Ar9JFF8IRyFs2EZwIBMIeg5dJRLaEO8D0eT0wqv6y0XHQ5-VwDCQrl2tvg1itqqatlLESJ_6YSLh23JL62RlXOGsXPLGxAXpWp9qMSCAwEh1en67duUEG_cKT3gy/s72-c/koy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_997.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_997.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy