මේ වනවිට ලංකාව ඇතුළු ලෝකය මුහුණ දී ඇති බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් රුහුුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ ඉංජිනේරු අධ්‍යනා...
මේ වනවිට ලංකාව ඇතුළු ලෝකය මුහුණ දී ඇති බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් රුහුුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ ඉංජිනේරු අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඇල්ගී සහ ඉවතලන පොල් කුඩු යොදාගෙන ඩීසල් නිපදවිය හැකි බව සොයාගෙන තිබේ.
ඩීසල්වලට සමාන මෙම ජීව ඉන්ධනය නිපදවිය හැක යන්ත‍්‍රයක් ද මේ වනවිට එම කණ්ඩායම නිපදවා ඇත.
මෙම නව නිෂ්පාදනය ජීව ඉන්ධනයක් වශයෙන් යොදාගත හැකි අතර මෙය පරිසර හිතකාමී මෙන්ම වැඩි කාර්යක්ෂමතාවකින් යුත් ද්‍රව්‍යයක් බව සොයාගෙන තිබේ.
එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තා රූපසිංහ මහත්මිය කියාසිටියේ වර්තමානයේ භාවිතා වන ඩීසල්වලට සමානකමක් දක්වන මෙහි ශක්තිය අතින් කිසිදු අඩුවක් නොමැති බවයි.
මෙම නව ක්‍රමවේදය යොදාගෙන රටට විශාල වියදමක් අඩුකර ගතහැකි බවද මෙම ඉන්ධන යොදාගෙන වාහන ධාවනය කරගත හැකි බවද ඇය කියාසිටියාය.
නිවසින් ඉවත් කරන පොල් කුඩු වේලා පොල් තෙල් නිපදවන පොල් තෙල් මෝල්වලින් තෙල් රැගෙන රසායනික සංඝටක යොදා ගැනීමෙන් අනතුරුව ඩීසල් නිෂ්පාදනය කරගත හැකි බවත් මෙය ඉතා ලාභදායී ක්‍රමයක් බවත් පර්යේෂකයින් කියාසිටී.
ඡායාරූප පහතින්.
මාතර - අරුණ කැලුම් බෝධිමාන
COMMENTS