දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී - ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ
Homeගොසිප්

අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී - ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ

PropellerAds

අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ     පසුගියදා ආන්දෝලනයට ලක්වූ පසු අතහැර දමනු ලැබූ කොළඹ...

මහින්දගෙ දෙවැනි මනමාලයා මෛත්‍රිට හඳුන්වා දෙයි (සිකුරාදා කාටූන්)
ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්
ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ගායක චෙස්ටර් සියදිවි නසා ගනී


අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී
ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ    

පසුගියදා ආන්දෝලනයට ලක්වූ පසු අතහැර දමනු ලැබූ කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පැවති ලොව උසම නත්තල් ගසේ ව්‍යාපෘතිය එසේ අතහැර දමා දින 5 කට පසු තීරණය වෙනස් කර නැවත ඉදිකිරීම අරඹා තිබේ.
ඒ අනුව 7 වනදා නවතනු ලැබූ එම වැඩ අද 12 උදෑසන සිට යළි ඇරඹූ බව වරාය ඇමති අර්ජුන රණතුංගගේ මාධ්‍ය ඒකකය දන්වා සිටී. මෙම ව්‍යාපෘතිය අත්හැර දමන්නට
මුල්වූයේ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙය අනවශ්‍ය මුදල් නාස්තියක් බවට විවේචනය කර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම නිසාය.
තමා ඒ ගැන දැනුවත්ව නොසිටි බව දන්වා තිබුණ අගරදගුරු හිමිපාණන් නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් හොඳ යැයිද දැන් හෝ එය නවතා බෝඩ් එකක් ගසා ඒ බව දන්වා ඉතිරි මුදල් සුබසාධනයට යොමු කරන ලෙසද පසුගිය 6 වනදා දන්වා තිබුණි.
ඒ අනුව 7 වනදා වරාය මාධය ඒකකය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා කියා සිටියේ ඇමති අර්ජුන රණතුංග එය අතහැර දමන්නට තීරණය කරන ලද බවයි.


කෙසේ වෙතත් එයින් පසුව එහි ඉදිකළ කොටස් එලෙසම තැබුණ අතර අගරදගුරු තුමන්ව මෙයට නැවත කැමති කරවා ගැනීමේ මෙහෙයුමක් දියත්ව තිබුණි.
ඒ අනුව ඊයේ වාර්තා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ

මෙම ගැටලුවට මැදිකරවාගත් ඇමති අර්ජුන, අගමැතිවරයා හා අගරදගුරුතුමන් අතර සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කරවන්නට කටයුතු කරන ලද බවයි. එම සාකච්ඡාවේදී මේ දක්වා වැයවූ ලක්ෂ 60 අපතේයාම ගැනත් කරුණු පැහැදිලි කර තිබෙන අතර මෙය ඉදිකළ පසුව ආසන්නයේ පවතින තරු පහේ සංචාරක හෝටල්වලට වසරාවසානයේ සංචාරකයින්ගේ පැමිණිම ඉහළයාම අපේක්ෂා කරන බව සහ එමගින් රටට ආදායම් තරවීම ගැන කරුණු අගමැතිවරයා අගරදගුරුතුමන්ට දන්වා ඇති බවයි. එමෙන්ම මෙහි ඉදිකිරීම් සඳහා වැයවන ඉතිරි මුදල දැනටමත් වෙන් කර තිබෙන බවද පෙන්වාදී ඇත.

මේතරම් දුර එහි වැඩ සිදුවීම අපරාධයක් බව පෙන්වාදුන් අගරදගුරුතුමන් නත්තල් උත්සවය දුප්පතුන්ගේ උත්සවයක් බවත් මේ ආකාර දේවල් එයට ඔබින්නේ නැති බවත් පැහැදිලි කර ඇත.නාස්තිය පිළිබඳ විකල්පයක් නැති බව පිළිගෙන අගමැතිවරයාද මැදිහත්වූ නිසා අවසානයේ එහි ඉතිරි වැඩ සිදුකර නත්තල් ගස තනන්නට අවසර දී තිබේ. නැවත මෙවැනි දේ සිදු නොකරන ලෙසද උන් වහන්සේ දන්වා ඇත.

ඒ අනුව අද උදෑසන සිට කඩිනමින් මෙම නත්තල් ගසේ වැඩ ඇරඹි අතර ලබන 25 ට පෙර කෙසේ හෝ එහි වැඩ අවසන් කර ලොව උසම නත්තල් ගසේ වාර්තාව තැබූ පසුව දින 10 ක් තිස්සේ මහජන ප්‍රදර්ශනයට තබන්නටද ඉදිකරන කණ්ඩායම සූදානමින් සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී - ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ
අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී - ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ
http://ift.tt/2hnUHcc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_374.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_374.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy