දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ
Homeප්‍රවෘත්ති

තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ

PropellerAds

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක්‌ පිළිබඳව තොරතුරු ...

අගමැති අද සිංගප්පූරුවට
බැන් කී මූන් අගමැති හමුවෙයි
ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විදෙස් සැකකරුවෙකු ගැනත් පොලිස් ඇස
තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක්‌ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ඔස්‌සේ දීර්ඝ ලෙස පරීක්‍ෂණ සිදුකරන්නේ යැයි පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (14) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතාට දැනුම් දුන්නේය.

එකී ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයාට ලැබුණ දුරකථන ඇමතුම් පිළිබඳවද විමර්ශන සිදුකරන්නේ යැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කොට ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ලබන 26 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කිරීමට නියෝග කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ
තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ
http://ift.tt/2hyiINF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_356.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_356.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy