දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විදෙස් සැකකරුවෙකු ගැනත් පොලිස් ඇස
Homeප්‍රවෘත්ති

ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විදෙස් සැකකරුවෙකු ගැනත් පොලිස් ඇස

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී සිදු කළ අපරාධයට සහාය ලබාදුන් විදෙස්ගතව සිටින සැකකරුවකු සොයා පරීක්ෂණ ...

බ්ලූමැන්ඩන් කුණු කන්දේ ගින්නක්
නොවැම්බර් නාම යෝජනා කැඳවයි - පළාත් සභා ජන්දය ජනවාරියේ
ඇමැති නිමලුත් පත්තරේ බලයි - දුම්රිය ලොක්කට අලුත් වැඩක් පවරයි (VIDEO)
ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විදෙස් සැකකරුවෙකු ගැනත් පොලිස් ඇස

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී සිදු කළ අපරාධයට සහාය ලබාදුන් විදෙස්ගතව සිටින සැකකරුවකු සොයා පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (30) දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගත් සැකකාර සිසුවාට සහ තරුණයාට එම අපරාධය සිදු කිරීමට සහායදී ඇත්තේ එම විදෙස් ගතව සිටින සැකකරු බව මේ වනවිට හඳුනාගෙන ඇතැයිද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

අතිගරු ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය වන www.president.gov.lk නමැති වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කිරීමක් සිදු කළ බවට ජනාධිපති නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානී වයි. සමීර ද සිල්වා මහතා ඉකුත් 26 වැනි දින රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. කේ. සේනාරත්න මහතා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය අධිකරණය වෙත ඊයේ (30) කරුණු වාර්තා කර තිබිණි.
ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් ජනාධිපතිවරයාගේ සේවාවන් හා විවිධ තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා නිල වෙබ් අඩවියක් www.president.gov.lk නමින් පවත්වාගෙන යන බවත් එම වෙබ් අඩවියේ තොරතුරු ඇතුළත් කිරීමේ කාර්ය භාරය ජනාධිපති නව මාධ්‍ය ඒකකය මඟින් සිදු කරනු ලබන අතර, ඔවුන් හැරුණු කොට වෙනත් කිසිදු පුද්ගලයකුට වෙබ් අඩවියේ තොරතුරු ඇතුළත් කිරීමට හැකියාවක් ලබාදී නොමැති බවත් රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් බලාගත් දන්ත ගබඩාවක පවත්වාගෙන යනු ලබන අතර එහි ප්‍රචාරයට ඇතුළත් කරනු ලබන තොරතුරු සියල්ලක්ම එම ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් සිදු කරනු ලබන බවත් රහස් පොලිසිය දන්වා සිටියේය.

ඒ සඳහා තොරතුරු ඇතුළත් කිරීමට ගිණුම් 05ක් පවතින බවත් ගිණුම් 05ට හා එම ඒකකයේ පරිගණක හැරුණු කොට වෙනත් කිසිදු පුද්ගලයකුට තොරතුරු ඇතුළත් කිරීමට නොහැකි ලෙස මෙම නිල වෙබ් අඩවිය ඔවුන් නිර්මාණය කර පවත්වාගෙන යන බවත් රහස් පොලිසිය දන්වා සිටියේය.

ඉකුත් අගෝස්තු 25 වැනි දින රාත්‍රි 8.45ට පමණ එම වෙබ් අඩවියට කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් ඇතුළත්වී එහි දත්ත ගබඩාව තුළට දත්ත ඇතුළත් කිරීමක් සිදුකර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එහි දත්ත අතරින් නිවේදනයක් ලෙස සඳහන් කර ඇත්තේ "අ.පො.ස. උ. පෙළ විභාගය අප්‍රේල් මාසයේ නොපවත්වන ලෙසටත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසටත්, ජාලගත පරිගණක ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන ලෙසටත් හා මේවා ආරක්ෂා කිරීමට නොහැකි නම් අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් කරන ලද තර්ජනාත්මක නිවේදනයක් බවත් රහස් පොලිසිය දන්වා සිටියේය.
මෙම අනවසර ඇතුළත් වීමෙන් හා තොරතුරු ප්‍රචාරය කිරීම අනුව 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ වරදවල් සිදුකර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩාවේ ප්‍රවිෂ්ට සටහන් විමර්ශන සඳහා ලබා ගන්නා ලද බවද රහස් පොලිසිය දන්වා සිටියේය.

මෙහිදී අනවසර ප්‍රවිෂ්ටය සඳහා භාවිත කරන ලද අයි. පී. අංකය හඳුනා ගැනුණු අතර ඇතැම් අයි. පී. අංකයන් විදේශගත ඒවා වන බව දන්වා සිටි රහස් පොලිසිය තවද ශ්‍රී ලංකාව තුළ ඩයලොග් ආයතනයේ අයි. පී. අංකයක් ද මෙම අනවසර ප්‍රවිෂ්ටය සඳහා භාවිත කර ඇති බව හඳුනාගත් බවද දන්වා සිටියේය.

මේ සම්බන්ධයෙන් ග්‍රාහක තොරතුරු ලබා ගැනීමට කටයුතු කර ඇතැයි දන්වා සිටි රහස් පොලිසිය මීට අමතරව මෙම අපරාධය සම්බන්ධයෙන් ජාලගත ආවේක්ෂණයක්ද සිදු කළ බව අධිකරණයට දන්වා සිටියේය.
මෙම ආවේක්‍ෂණයේදී ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප්‍රමාණයකට අනවසර ප්‍රවිෂ්ටයන් ලබා ගනිමින් දත්ත වෙනස් කිරීම් සම්බන්ධයෙන් arrow.lk නමැති ෆේස්බුක් ගිණුමක් හඳුනා ගත් බව දන්වා සිටි රහස් පොලිසිය, එම ෆේස්බුක් ගිණුම, ෆේස්බුක් වෙබ් අඩවියේ සංවිධානාත්මක කල්ලියක් 'Yakadaya Forums' නමින් සංවිධානගතව ඇතුළත්ව අනවසර ප්‍රවිෂ්ටයන් ලබා ගැනීම හා ඒවා කිරීමට අවශ්‍ය පසුබිම් සකස් කිරීම සිදු කරන බව නිරීක්‍ෂණය වූ බවද දන්වා සිටියේය.
මෙම 'Yakadaya Forums ' කණ්ඩායම 'රතු උකුස්සා', 'සුමේධ ධනවිජය', 'Goyahacker' නමින් තවත් ෆේස්බුක් ජීව දත්ත පිටු හා වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප්‍රවිශ්ටයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන තොරතුරු සැපයීම, මෘදුකාංග සැපයීම සිදු කරගෙන යනු ලබන බව තහවුරු කර ගත් බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මේ අනුව මෙම 'Yakadaya Forums’ නමැති වෙබ් අඩවියට අනවසර ප්‍රවිෂ්ටය ලබා ගැනීමට කටයුතු කරන සංවිධානාත්මකව පවත්වාගෙන යනු ලබන අය විමර්ශන මගින් හඳුනා ගැනුණු අතර, මේ අය නො. 76, යටිවැහැරවත්ත අලකොළදෙණිය, මීගමු පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි කරුණානායකගේ ජනිත් මධුසංඛ ලෙස හඳුනාගත් බවද රහස් පොලිසිය දන්වා සිටියේය.

තවද මෙම අය අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණ කටයුතු හා ග්‍රැෆික් නිර්මාණ කටයුතු කරන අයකු ලෙසත් දැනට නො. 52, පී.බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව ලිපිනයේ පදිංචිව සිටින බවත්, හඳුනා ගන්නා ලද බව දන්වා සිටි රහස් පොලිසිය, ඒ අනුව පරිගණක අපරාධ පනතේ 11, 12, 13 යන වගන්ති මඟින් විග්‍රහ කර ඇති වරදවල් සිදුකර ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහු ඉකුත් 29 වැනි දින සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගත් බවත්, අධිකරණයට දන්වා සිටියේය.

තවද අන්තර්ජාලයේ ආවේක්‍ෂණ මඟින් තහවුරු කරගත් කරුණු අනුව අතිගරු ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය වන www.president.gov.lkනමැති වෙබ් අඩවියට අනවසර ප්‍රවිෂ්ටයක් ලබා ගනිමින් තොරතුරු ඇතුළත් කරන අය ලෙස අන්තර්ජාලයේ arrow නමින් පෙනී සිටි අයකු (පාසල් සිසුවා) හඳුනා ගන්නා ලද බව රහස් පොලිසිය දන්වා සිටියේය.
එම සිසුවා අන්තර්ජාලයේ මෙසේ වෙබ් අඩවි 37කට අධික ප්‍රමාණයකට අනවසර ප්‍රවිෂ්ටය ලබා ගනිමින් දත්ත වෙනත් කිරීම, දත්ත ඇතුළත් කිරීම, යන කරුණු සිදු කිරීම හේතුවෙන් පරිගණක අපරාධ පනතේ 03, 04, 05, 07, 08 සහ 09 වගන්ති මඟින් විග්‍රහ කර ඇති වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව පෙරේදා (29) අත්අඩංගුවට ගත් බවද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය ලබන 02 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළේය.

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විදෙස් සැකකරුවෙකු ගැනත් පොලිස් ඇස
ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විදෙස් සැකකරුවෙකු ගැනත් පොලිස් ඇස
http://ift.tt/2crh6Xi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_975.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_975.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy