අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. ඉන්දීය පදනම විසින් සංවිධානය කරන 2016 ඉන්දීය නගර සමුළුවේ සමාරම්...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.
ඉන්දීය පදනම විසින් සංවිධානය කරන 2016 ඉන්දීය නගර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා ලැබී ඇත. සැප්තැම්බර් 01 වැනිදා සිට 02 වැනිද දක්‌වා සිංගප්පූරුවේ ශැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2016 ඉන්දීය සාගර සමුළුව සංවිධානය සඳහා ඉන්දීය පදනම සමඟ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, බංග්ලාදේශයේ ජාත්‍යන්තර උපාය මාර්ග ආයතනය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස්. රාජරත්නම් ආයතනය එක්‌වෙයි.
මෙම සමුළුවට ඉන්දීය සාගර කලාපයේ සිටින ප්‍රධානතම රාජ්‍යයන්ට ආරාධනා කර ඇති අතර සාගර කලාපයට බලපාන ආරක්‍ෂක, සංස්‌කෘතික හා පාරිසරික ප්‍රධාන ප්‍රශ්න විචාරශීලී විමසීමකට ලක්‌කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දකෝ සේරි, ආචාර්ය අහමඩ් සහීඩ් හමීඩ්, ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි ශ්‍රීමතී සුෂ්මා ස්‌වරාඡ්, සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන්, බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මොහොමද් අලි, මාලදිවයිනේ හිටපු ජනාධිපති මයුම් අබ්දුල් ගයුම්, තායිලන්ත සංස්‌කෘතික අමාත්‍ය වීර රෝඡ්පොජනරාත්, මොරිෂස් කලා සහ සංස්‌කෘතික අමාත්‍ය සාන්තරාම් බාබු, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්‌කෘතික අමාත්‍ය එස්. බී. නාවින්න, වියට්‌නාමයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඩං ඩින් කුෂි, ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කිෂි නොබුඔ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ සමුළුවට සහභාගි වෙති.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මේ සමුළුවට එක්‌වීමට නියමිතය.
COMMENTS