දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්
Homeප්‍රවෘත්ති

හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්

PropellerAds

තමා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී විශේෂ සැලකිලි ලබාගත් බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රති...

ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?
මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" අද වැලිකඩ ඉදිරිපිට දී
හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්

තමා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී විශේෂ සැලකිලි ලබාගත් බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට අද (08) පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඔහු මන්ත්‍රීවරියගේ චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කළේය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.

" සල්ලි, බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප යන ශීර්ෂය යටතේ රන්ජන් රාමනායක ඇමතිතුමා දෙසැම්බර් 05 දින වීඩියෝවක් මුහුණු පොතේ රසික පිටුවට එක් කර තිබුණා.  ඊට අමතරව දෙසැම්බර් 6 දින මාධ්‍ය හමුවක ද වීඩියෝවේ අඩංගු කරුණු සඳහන් කර තිබුණා.

රන්ජන් රාමනායක ඇමතිතුමාට අනුව මා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි සමයේ දී බොරු ලෙඩ අරන් රෝහල් ගත වී සිටියේ.  නමුත් මම රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි දින දහතුන තුළ එක මොහොතක් වත් රෝහලේ හිටියේ නෑ.  මෙය මෙගා ස්ටාර් රන්ජන් ඇමතිතුමාගේ තවත් එක් මෙගා බොරුවක්.

මම ඇමතිතුමාට මේ පිලිබඳ කතා කළා.  එතුමා කිව්වා තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ එතුමා මේ තොරතුරු ලබා ගත්තා කියලා.  ඒකත් බොරුවක්.  තොරතුරු දැන ගැනීමේ පනතට කතානායකතුමා අත්සන් තැබුවේ අගෝස්තු 4 දා.  එතැන් සිට මාස හයකට පස්සේ එනම් 2017 පෙබරවාරි 4 දා සිට තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ.

ඒ වගේම එකී පනතේ 5(1)(අ) යටතේ යම් පුද්ගලයෙකුගේ අතිශයින්ම පෞද්ගලික තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතුයි.  වෛද්‍ය වාර්තා වැටෙන්නේ ඒ ගණයට.  විශේෂයෙන්ම හිපොක්‍රටිස් ප්‍රතිඥාව අනුව රෝගින්ගේ පෞද්ගලික තොරතුරු හෙලි නොකර සිටීමට වෛද්‍යවරු බැඳිලා ඉන්නවා.  නමුත් රන්ජන් ඇමතිතුමා එක් එක් දේශපාලකයින්ට තිබෙන රෝග පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා.  ඒක අතිශයින්ම සදාචාර විරෝධි ක්‍රියාවක්.

ඒ වගේම මෑත කාලයේ ලොකු රාවයක් ගියා එක්තරා මන්ත්‍රීවරියක් ගබ්සාවක් කරගත් බවට. මා දකින්නේ එවැනි තොරතුරු පවා අතිශයින් පෞද්ගලික තොරතුරු.  ගබ්සාවක් නීති විරෝධී නිසා  වැටලීමක් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්න පුවවන්.  නමුත් ගබ්සාවක් කරගත්තේ ඇයි වැනි අතිශයින් පුද්ගලික කාරණා විදිහටයි සැලකෙන්නේ

අපේ රන්ජන් ඇමතිතුමාට ඉතාම සමීප වෛද්‍යවරියක් බන්ධනාගාර රෝහලේ ඉන්නවා.  ආර්එම්පී නමින් හඳුන්වන ලියාපදිංචි වෛද්‍ය සහයකයින් දෙදෙනෙකු ඉන්නවා.  මේ කාගෙන් හරි උපදෙස් පැතුවා නම් ඇමතිතුමා මේ අමාරුවේ වැටෙන්නේ නෑ.  සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප කියන සිරස්තලය යටතේ පළ කළ වීඩියෝවක මේ අසත්‍ය කරුණ සඳහන් වන්නේ.  මේක මට සෘජුවම කළ අපහාසයක්.  ඒ නිසා රන්ජන් රාමනායක ඇමතිතුමාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මම මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා.          

ඒ වගේම දනටමත් මම නඩු පවරල නඩුවක් විභාග වෙනවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව. ඒ නිසා එතුමිය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් පාර්ලිමේන්තුව තුළ සිට තමයි මේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන්නේ. බන්ධනාගාර වැය ශීර්ෂ විවාදයේ දී හිරුණිකා මන්ත්‍රිතුමිය වෘෂණ කෝෂ පිළිබඳ අතිශයින්ම අශීලාචාර ලෙස කතා කළ බවට සමාජ ජාල වෙබ් අඩවි වල විවේචනයක් යනවා.  ඒ විවේචනය අසාධාරණයි කියලයි මට නම් හිතෙන්නේ.  ඕනෑම මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුවේ කතා කරන්න කැමති තමන්ට අත්දැකීම් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විෂය ක්ෂේත්‍රයක්.  ඒ අනුව හිරුණිකා මන්ත්‍රිතුමිය තමන්ට අත්දැකීම් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විෂය ක්ෂේත්‍රය ලෙස වෘෂණ කෝෂ තෝරා ගන්න ඇති.

එතුමිය බන්ධනාගාර රෝහලට විවිධ දේශපාලකයින් ඇතුළු වුණේ දූෂිත වෛද්‍යවරුන්ගේ සහයෙන් කියා ප්‍රකාශ කරනවා.  වෛද්‍යවරුන්ගේ නිගමන හරි ද වැරදි ද කියා තීරණය කරන්න එතුමිය කවුද?  වෛද්‍යවරුන්ගේ නිගමන නිවැරදි ද කියා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඊට වඩා විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුට පමණයි.

දැන් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිටීම මන්ත්‍රිතුමිය විවේචනය කළා.  මම ඔහුව බලන්න ගියා.  ඔහුගේ මොලය පසාරු කරගෙන උණ්ඩයක් වැදුණු බව කවුරුත් දන්නා කාරණයක්.  අපිට ඕක වුණා නම් දැන් මැරිලා.  වහාම සිංගප්පූරු ගෙනියන්න පුළුවන් වුණු නිසා ජීවිතය රැකුණා.  නමුත් මොලයට විෂබීජ යෑමේ අවදානමක් තිබෙන නිසා දූවිලි විෂබීජ තිබෙන පරිසරයක තබන්න එපා කියලා වෛද්‍ය උපදෙස් තිබෙනවා.  ඒ වගේම Sleeping apnia නමැති නින්දේ දී හුස්ම හිරවීමේ රෝගයක් දුමින්දට තිබෙනවා. නින්දේ දී මරණය වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා නිදා ගැනීමේ දී හුස්ම ගැනීමේ යන්ත්‍රයක් සවි කරන්න ඕනෑ.  ඒ නිසා ඔහු බන්ධනාගාර රෝහලේදි සිටිය යුත්තේ සිර කුටියේද සිටිය යුත්තේ කියන එක තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරුන්ට විතරයි. රටේ ජනාධිපතිටවත් ඒ තීන්දුව අභියෝගයටය ලක් කරන්න බෑ. එය  අශියෝගයට ලක් කළ හැක්කේ ඊටත් වඩා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ට විතරයි.

භාරත මරපු අයට අධිකරණයෙන් යුක්තිය ඉටු වුණා කියලා මන්ත්‍රිතුමිය කියනවා.  යුක්තිය ඉටු වෙන්න ඕනෑ ආණ්ඩුවට සහය දක්වන අයට විතර ද?  දුමින්දට යුක්තිය ඉටු කරන්නේ නැද්ද?  දුමින්දට මාරාන්තික තුවාල සිදු කළ අයට නඩු පවරන්නේ නැද්ද? ආණ්ඩුව යුක්තිය ලබාදෙන්නේ ආණ්ඩු පාර්ෂවයේ අයට විතරද කියන ගැටළුව දැන් තියෙනව. මේ ගැටුම සිදුවී වසර පහකට ආසන්න කාලයක් ගත වුණත් තවමත් දුමින්ද සිල්වා මහතාට තුවාල කල අයට කිසිම පියවරක් ගෙන නැහැ. මේ ආණ්ඩුවේ යහ පාලනය කෙතරම් නැමී තිබෙනවාද කියන එක කාටත් ඉන් පැහැදිලියි.

සැකකරුවන්ට රෝහලේ සැප ගැන කතා කරන හිරුණිකා මන්ත්‍රිතුමිය තමයි ඒ වරප්‍රසාදය වැඩිපුරම භුක්ති විඳලා තිබෙන්නේ.  ලංකා ඉතිහාසයේ තරුණයෙකු පැහැර ගත් පළමු තරුණිය විධියට තමයි එතුමිය ඉතිහාසයට එකතු වෙන්නේ.  නීතිය නමන පොලීසියට පින් සිදු වෙන්න උදේ කාලා ගෙදරින් ගිය මන්ත්‍රිතුමිය ඇප අර ගෙන දවල්ට කන්න නැවත ගෙදර ආවා.  එකම දවසක්වත් පැහැර ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ හිටියේ නෑ.  එක්නැලිගොඩ පැහැර ගත්තා කියලා සාක්ෂි නොමැතිව චෝදනා පමණක් තිබුණු රණවිරුවන් වසරකට වඩා රක්ෂිත බන්ධනාගාර සිටිය අවස්ථාවක තමයි හිරුණිකා මන්ත්‍රිතුමිය එක මොහොතක් වත් බන්ධනාගාරයට ගියේ නැත්තේ.

මට මෙට්ටයක් ලබා දීම වරප්‍රසාදයක් ලෙස දක්වා තිබුණා . අපි කිසිම වරප්‍රසාදයක් භුක්ති විඳල නෑ සිරකරුවන්ට නොලැබෙන. මා සිරගත කර සිටි දින 13ම මා ගත කළේ සිර කුටියේ. අපි සිරගතව සිටියේ අඩි 4 යි 8 සිරකුටියක. මමත් මුසාමිල් මන්ත්‍රීතුමනුත් බෝම්බ ගැසීමේ සිද්ධියක් සම්බන්යෙන් සැකකරුවෙකු වූ සම්පත් නැමැති පුද්ගලයෙකුත් එම සිර කුටියේ සිටියා. මම මුල් දවස් දෙකේ පැදුරේ නිදාගැනීම නිසා මගේ තිබුණු කොන්දේ අමාරුව අධික වෙලා තිබුණා. වෛද්‍යවරුන් කොහොමත් ඇවිදින් සිරකරුවන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කළා. මොකද එක් සිර කුටියක සිරකරුවන් කිහිප දෙනෙක් රඳවනවා. එවන් අවස්ථාවක බෝවන රෝගයක් වැන්නක් එක් සිරකරුවෙකුට වැළඳුණත් අනෙක් අය අතරත් එය පැතිර යා හැකි නිසා. ඒ අනුව අපව පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරුන් මට මෙට්ටයක නිදා ගැනීම නිර්දේශ කළා.  එවැනි අවසථාවලදී සිරකරුවන්ට ලබාදීම සඳහා මෙට්ට බන්ධනාගාරයේ තිබෙනවා.  වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර ගබඩාවෙන් ඒවා සිරකරුවන්ට නිකුත් කරනවා.  එය එවැනි රෝගී තත්වයකින් පෙළෙන ඔනෑම සිරකරුවෙක්ට බන්ධනාගාරයෙන් ලබා දෙන දෙයක් විනා මට පමණක් ලබාදුන් සුවිශේෂි වරප්‍රසාදයක් නෙමේ.

ඒ වගේම මගේ සම සංවේදී නිසා මදුරුවන් කෑමෙන් සිදුවන පළු මගේ සම පුරාම තිබුණා. ඒ නිසා මට වෛද්‍යවරුන් මදුරු දැලක්ද නිර්දේශ කර තිබුණා. නමුත් මම එය ප්‍රතික්ෂේප කළා.  වෙනත් ඔනෑම සිරකුරුවෙකුටත් ලැබෙන වරප්‍රසාදයක් හැරුණු කොට වෙනත් කිසිම සුවිශේෂී වරප්‍රසාදයක් මා  සිරගත කර සිටි දින 18 පුරාවටම ලබාගෙන නැහැ. ඒ නිසා මේ සියල්ල සිතා මතා ගොතා කියන පාර්ලිමේන්තු ජොක්ස් පන්නයේ රංගනයක් පමණක් කියන එක වග ඉතාම වගකීමෙන් කියනවා".

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්
හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්
http://ift.tt/2geRkGS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_244.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_244.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy