දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතුයි' - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

'දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතුයි' - ගම්මන්පිල

PropellerAds

ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ යට සහය පළකළ දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

මැදින් පුර පසළොස්වක පෝය අදයි
ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය වෙනුවෙන් දිවයින පුරා පාසල් සහ පිරිවෙන්වල ආගමික වැඩසටහන්
'දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතුයි' - ගම්මන්පිල

ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ යට සහය පළකළ දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ යම් සන්නද්ධ අංශයක් පරාජය කළ පසු එහි දේශපාලන අංශය තහනම් කිරීම ලෝක සම්මතයක් බැවින්, 1945 දී හිට්ලර්ගේ පරාජයෙන් පසු මිත්‍ර පාක්ෂික රටවල් ජර්මනියේ නාසි පක්ෂය තහනම් කිරීමත්, 2003 දී නේටෝ හමුදා ඉරාකයේ සදාම් හුසේන් පරාජය කළ පසු එහි දේශපාලන අංශය වූ බාත් පක්ෂය තහනම් කිරීමත් සිදු කළ ආකාරයට එල්.ටී.ටී.ඊයට සහය පළකළ දෙමළ ජාතික සන්ධානයද තහනම් කළ යුතු බවයි.

එල්.ටී.ටී.ඊය ක්‍රියාත්මකවූ සමයේ දෙමළ ජාතික සන්ධානය ත්‍රස්තවාදීන්ගේ දේශපාලන අංශය ලෙස ක්‍රියාත්මක වූ බැවින් දෙමළ ජාතික සන්ධානය ද එසේ තහනම් කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.

" පසුගිය සතියේ දී පාර්ලිමේන්තුව අමතමින් ලංකා ඉතිහාසයේ බිහි වූ හොඳම විපක්ෂ නායකයා සම්බන්ධන් මහතා බව ජනපති සිරිසේන ප්‍රකාශ කළා.  විසල් දැනුමකින් විපක්ෂය මෙහෙය වූ ආචාර්ය එන්.එම්. පෙරේරා, අත්දැකීමෙන් විපක්ෂය මෙහෙය වූ ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක විසල් ආණ්ඩු බලයට එරෙහිව අට දෙනෙකුගේ විපක්ෂය මෙහෙය වූ අනුර බණ්ඩාරනායක යන විපක්ෂ නායකවරුන්ට වඩා සම්බන්ධන් මහතා ජනපති සිරිසේනට හොඳ වුණේ ඇයි?

ආණ්ඩුවේ අයවැයට කිසිම සංශෝධනයක් යෝජනා නොකර ඊට පක්ෂව ඡන්දය දුන් ලෝක ඉතිහාසයේ එකම විපක්ෂ නායක සම්බන්ධන් මහතායි. මේක එක පාරක් නොවේ දෙපාරක්ම කළා. ආණ්ඩුව අමාරුවේ වැටෙන සෑම අවස්ථාවකම ආණ්ඩුව රැක දෙන්නේ නිල විපක්ෂ නායකයි. එවැනි විපක්ෂ නායකයෙකු ආණ්ඩුවේ පැත්තෙන් නම් හොඳම විපක්ෂ නායක බවට කිසිම සැකයක් නෑ.

ජාතියේ අවාසනාවට අද අපේ රටේ විපක්ෂ නායක ධූරය දරන්නේ තහනම් කළ යුතු පක්ෂයක නායකයෙක්. එදා කිලිනොච්චියේ කොටි මූලස්ථානයට යන සම්බන්ධන් මහතා තමිල් චෙල්වම් හමු වී උපදෙස් ගත් හැටි මතකයි. දෙමළ සන්ධානයට ඡන්ද දිනන්න කොටි උදව් කළා විතරක් නොවේ ජයග්‍රහණයෙන් පස්සේ කොටි වෙනුවෙන් දෙමළ සන්ධානය පෙනී සිටියා.

කැනඩා ආණ්ඩුව විසින් එම්.කේ. ඊලවනාදන් නමැති දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කැනඩාවෙන් පිටුවහල් කරන්න ගත් තීරණය ඔහු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. ඔහු තමන් දෙමළ ජාතික සංධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු මිස කොටි සංවිධානයේ සාමාජිකයෙකු නොවන බව ප්‍රකාශ කළා. නමුත් කැනඩාවේ පෙඩරල් උසාවිය තීරණය කළේ කොටි සංවිධානය සහ දෙමළ ජාතික සංධානය යන දෙකම එකක් බවයි.

ඇත්තෙන්ම මේක අළුත් දෙයක් නොවේ. 2004 ජූනි 17 දින නිකුත් කළ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂක වාර්තාවේ ද දෙමළ සන්ධානය කොටි සංවිධානයේ දේශපාලන අංශය බව තහවුරු කරනවා.

දෙමළ ජාතික සන්ධානය තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් මූලධර්මයක් තමයි හැමට සැම අවස්ථාව ලබා දීම. කොටි සංවිධානයේ පාලනයට උතුර නතු වෙලා තිබුණු සමයේ දෙමළ ජාතික සන්ධානය ඉතුරු කරලා ඊපිඩීපි සහ එජාප ප්‍රමුඛව අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලේම ක්‍රියාකාරින් මරා දැම්මා. ඒ නිසා දෙමළ සන්ධානයට ඒකාධිකාරියක් හැදුණා. කොටින් හදා දුන්නු ඒකාධිකාරියට පිං සිද්ධ වෙන්නයි දෙමළ සන්ධානය උතුරේ ඡන්ද දිනන්නේ. උතුරට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලැබීමට නම් හිට්ලර්ගේ නාසි පක්ෂයට සදාම්ගේ බාත් පක්ෂයට අත් වුණු ඉරණම දෙමළ සන්ධානයටත් අත්කර දිය යුතුයි".
    

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතුයි' - ගම්මන්පිල
'දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතුයි' - ගම්මන්පිල
http://ift.tt/2gXzfKR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_228.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_228.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy