දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්
Homeප්‍රවෘත්ති

ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

PropellerAds

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්...

ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි - ජනපති විදෙම් මාධ්‍ය කැදවා කියයි
හිටපු ඇමැති බදියුදීන් ගැන පරීක්ෂණ අරඹයි !
ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි - ජනපති විදෙම් මාධ්‍ය කැදවා කියයි
ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිවරයා විශේෂ සම්මානයකින් පුදනු ලබයි.

ඊයේ (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin මහත්මිය අතින් එය පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ සුබසිද්ධිය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ලැබුණු මහත් ශක්තියක් බවයි. එබැවින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය වෙත තම ගෞරවය පුද කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ දුගී දුප්පත් අසරණ ජනතාවට දශක දෙකකට වැඩි කාලයක් පුරා මුහුණදීමට සිදුව ඇති මෙම ව්‍යසනයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා බොහෝ දුර ගමනක් යා යුතුව ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin මහත්මිය වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ‍්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්
ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්
http://ift.tt/2i4HNTD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_165.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_165.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy