එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශීය මාධ්‍යවේදීන් සමග පැවති හමුවක් අමතමිනි.
මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය ආයතන වල මෙරට නියෝජිත එක්ව සිටියහ.
මේ අතර වාර්තා වන්නේ එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කල් දමන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සූදානමින් සිටින බවයි.
එම මාසයේදී ශ්‍රී ලංකාවේ රට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට යන්නේ යැයි වාර්තා වෙයි.
COMMENTS