ජොහාන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වන වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු ...
ජොහාන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වන වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන බණ්ඩාර රාජපක්ෂ මහතාව පත්කර ඇතැයි වාර්තා වේ.
වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කිරීමට වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය පෙරේදා (27) තීරණය කර තිබිණි.
ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් පැහැර හරිමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවීම හේතුවෙන් මෙවැනි තීරණයකට එළඹීමට සිදුවූ බව වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවසී ය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම තනතුරක් සඳහා පැවරුණු වගකීම් එලෙස පැහැර හැරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මේ බව දැනුම්දුන් බවත් ඔහු ඉවත්කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පූර්ණ එකඟතාවය හිමිවූ බවත් ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මේ වනවිට සභා රැස්වීම් හයකටම නොකඩවා සහභාගි නොවීම හේතුවෙන් ඔහුගේ තනතුර ඉබේම අහෝසිවන බවද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජෙහාන් ප්‍රනාන්දු මහතා හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වෙයි.
COMMENTS