2017 අයවැයෙන් යෝජනා කර ඇති රථ වාහන දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජන...
2017 අයවැයෙන් යෝජනා කර ඇති රථ වාහන දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ අද දිනය තුළ සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අනිවාර්යයෙන් අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන බවයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ අයවැයෙන් යෝජනා කරන ලද රථවාහන දඩය ඉහළ දැමීම ඉවත් කළ යුතු බවයි.
කෙසේවෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේ අයවැයෙන් යෝජනා කරන ලද සංශෝධන දඩ මුදල් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු නොවන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට වසරකට අධික කාලයක් ගත වනු ඇති බවටයි.
මේ අතර ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ද අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
COMMENTS