දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදෙස්ගත ලාංකිකයින්ට විශ්‍රාම වැටුප හිමිවන්නේ මෙහෙමයි
Homeප්‍රවෘත්ති

විදෙස්ගත ලාංකිකයින්ට විශ්‍රාම වැටුප හිමිවන්නේ මෙහෙමයි

PropellerAds

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන වසරේ පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අත...

ශ්‍රීලනිප බල අරගලයේ වාසිය ඩැහැගන්න රනිල් උත්සාහයක
මහා පරිමාණ දූෂණ පරීක්ෂණ අවසන් වාර්තා ජනපතිට
රත්නසිරි වික්‍රමනායකගේ අවසන් කටයුතු අද හොරණදී
විදෙස්ගත ලාංකිකයින්ට විශ්‍රාම වැටුප හිමිවන්නේ මෙහෙමයි

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන වසරේ පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයේ අදහස් දක්වමිනි.

එහිදී තලතා අතුකෝරළ ඇමතිවරිය මෙසේද පැවසී ය. 

“අවුරුදු 30කට 40 ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රය පැවතුනා. විදෙස් ශ්‍රමිකයන් පිළිබඳව යමක් කරන්න ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළේ, ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රම වැටුපක්,  ඒ අයගේ මෙරට පවුල්වල සුබසාධනය වෙනුවෙන් යෝජනා වුණේ. අමාත්‍යාංශය බාරගෙන දෙවන වසර වනවිට විදෙස්ගත පවුල්වල සුබසාධනයට ශ්‍රමික සුරැකුම් වැඩසටහන ක්‍රියාත්මක් කළා. 

මේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් ලියාපදිංචි කරද්දි බොරු ප්‍රචාර ඇරලා, ලක්ෂ 15 ක් විතර පිටරට ඉන්නවා කියන අයගෙන් 96000යි ලියාපදිංචි වුණේ. මෙමඟින් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය,සෞඛ්‍ය, පිළිබඳව අධීක්ෂණයක් නිලධාරීන් විසින් කරනවා. ගෘහ සේවයේ පුහුණුව අලුත් විදියට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. දින විස්සක් වූ පුහුණුව දින 40ක් දක්වා වැඩි කර තිබෙනවා.දැනට අධ්‍යාපනය පිළිබඳව අළුත් මුහුණුවරකින් සහ සෑම පසලකටම පහසුකම් ලබාදීලා, තරඟකාරීත්වය වෙනස් කරලා, අග්‍රාමත්‍යවරයාගේ නායකත්වයෙන් අධ්‍යාපන ඇමැතිවරයා කටයුතු කරනවා. 

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක  කරන්න සැලසුම් කර තිබෙනවා. හොඳ පුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප්, ආරක්ෂාව ගැන උසස් තත්ත්වයට පත් කරන ගමන් ශ්‍රී ලාංකීය අභිමානය ආරක්ෂාවන ශ්‍රමිකයන් පිටරට යැවීමටයි බලාපොරොත්තු වන්නේ“ යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 50,000 ක දායකත්වයක් දැරීමෙන් මෙම විශ්‍රාම වැටුප හිමිකරගත හැකි බව ඇමතිනිය පැවසුවාය.

මේ අතර පෙරේදා(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ  මහතා පැවසූයේ රජය එම විශ්‍රාම වැටුප පිරිනැමීම සඳහා රුපියල් බිලියන 2ක දායකත්වයක් සපයන බවයි.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් රුපියල් 50,000ක දායකත්වය බැගින් වසර 10ක් අරමුදල තුළ රැඳෙන අයෙකුට වයස අවුරුදු 60 පසු ජීවිත කාලය පුරා එම විශ්‍රාම වැටුප හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදෙස්ගත ලාංකිකයින්ට විශ්‍රාම වැටුප හිමිවන්නේ මෙහෙමයි
විදෙස්ගත ලාංකිකයින්ට විශ්‍රාම වැටුප හිමිවන්නේ මෙහෙමයි
http://ift.tt/2fMdaws
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy