ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අභ්‍යන්තර බල අරගලය සමඟ මැතිවරණය පැවැත්වුවහොත් එහි අවාසිය ජනාධිපතිවරයා හොඳින් දන්නා කරුණක් බවත් එම පක්ෂ අභ්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අභ්‍යන්තර බල අරගලය සමඟ මැතිවරණය පැවැත්වුවහොත් එහි අවාසිය ජනාධිපතිවරයා හොඳින් දන්නා කරුණක් බවත් එම පක්ෂ අභ්‍යන්තර බල අරගලයේ වාසි කුට්ටිය ඩැහැ ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ බලා සිටින බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සිය බල සිහිනය වෙනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇති බවත් පක්ෂ නායකයන්ගේ බල පොරය අවබෝධ කරගෙන එය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව වහාම තීරණයකට ආ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සීමා නිර්ණ කමිටු වාර්තාව පළාත් පාලන මැතිවරණය කල් යෑමට බාධාවක් වී ඇතැයි පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය පටු දේශපාලන අරමුණු වසා ගැනීමට උත්සාහ දරන බවට නලින්ද ජයතිස්ස මහතා චෝදනා කරයි.
සීමා නිර්ණ වාර්තාවට මුවා වී මැතිවරණය කල් දැමීම හරියට පැස්බරා වැල්ලේ ඔළුව හංගා ගැනීමක් වැනි යැයිද මන්ත්‍රිවරයා සඳහන් කරයි.
මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
“ඉතා සරලව කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කරගන්නයි මේ මැතිවරණය කල් අදිමින් සිටින්නේ. සීමා නිර්ණ වාර්තාව සැකසීම, තාක්ෂණික දෝෂ, අධිකරණමය ක්‍රියාමාර්ග වගේ මාතෘකා මුල් කරගෙන තමයි ඔවුන් මේ ක්‍රියාවේ යෙදෙන්නේ.
ආණ්ඩුව කළ යුත්තේ ජනතාවට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩිනමින් ලබාදීමයි. අලුත් ක්‍රමයකට බැරි නම් පැරැණි ක්‍රමයට හරි මේ මැතිවරණය පැවැත්විය යුතුයි. මොකද නව ව්‍යවස්ථාවක් ගැන මාතෘකාවක් මේ දිනවල කියනවා. එහි මූලික මාතෘකාවක් තමයි පළාත් පාලන මැතිවරණය.“
COMMENTS