බරපතළ වංචා දූෂණ සෙවීමේ විශේෂ ජනාධිපති කොමිසම මගින් පරීක්ෂා කරන ලද තවත් වංචා හා දූෂණ කිහිපයක අවසන් වාර්තා කිහිපයක් 2017 වසරේ ජනාධිපති මෛත්...
බරපතළ වංචා දූෂණ සෙවීමේ විශේෂ ජනාධිපති කොමිසම මගින් පරීක්ෂා කරන ලද තවත් වංචා හා දූෂණ කිහිපයක අවසන් වාර්තා කිහිපයක් 2017 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට එම කොමිසම තීරණය කර ඇත.
මේ වන විටත් ඊට අදාළ සෙසු වාර්තා සකස් කිරීම් කොමිසම විසින් සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය රජය සමයේ සිදුවූ බව කියන ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ අක්‍රමිකතාව, උතුරු මැද පළාත් සභාවට ජල පෙරණ ලබාදීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව රක්නා ලංකා සමාගම පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණය, අම්පාර ප්‍රදේශයේ පැවැති දැයට කිරුළ වැඩසටහනේ සිදුවූ බව කියන අක්‍රමිකතාව, හලාවත කුරුණෑගල රජයේ වතු සමාගම්වල සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව කල් ඉකුත් වූ පුපුරණ ද්‍රව්‍ය අලෙවි කළ බව කියන සිදුවීම, උතුරු මැද පළාත් සභාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව, ශ්‍රී ලංකා එයාර් ලංකා සමාගමේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව යන සිදුවීම්වලට අදාළ අවසන් වාර්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇති බව ද එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS