2017 වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ සේවා කාර්යක්‍ෂමතා පදනම මත උසස්‌වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද...
2017 වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ සේවා කාර්යක්‍ෂමතා පදනම මත උසස්‌වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පවසයි.
මේ වනවිට රාජ්‍ය සේවාව තුළ සේවා කාලය පදනම් කරගෙන උසස්‌වීම් ලබාදීම සිදුකරන බවත් නව ක්‍රමය ක්‍රියාවට නැංවීමත් සමග රාජ්‍ය සේවය ඵලදායී කිරීමට ඇති හැකියාව වැඩි බවත් ඇමැතිවරයා පැවසී ය.
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය සඳහා නවක නිලධාරීන් 25 දෙනකු බඳවා ගැනීම වෙනුවෙන් ඊයේ(01) සිය අමාත්‍යාංශයේ පැවැති පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
“අද අපේ ජාතික ආදායමෙන් රුපියල් බිලියන 2000 ක් අපේක්‌ෂා කරනවා. මෙයින් බිලියන 800 ක් වැය වෙන්නේ රාජ්‍ය සේවක පඩි සහ විශ්‍රාම වැටුප් ගෙවීමටයි. මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නැහැ. මේ නිසා රාජ්‍ය සේවය තුළ වංචාව, නාස්‌තිය වගේම දූෂණය තුරන් කිරීමටත් මේ හැම දෙනාම කටයුතු කළ යුතුයි.“ යැයිද හෙතෙම සඳහන් කළේය.
COMMENTS