මේ මොහොතේදී කිසිවකුට පහර නොදෙන්නැයි තමන් පොලිසියට උපදෙස් නොදෙන බවත් මිනිසුන්ට නිවැරදිව පහර දෙන ආකාරය පොලිසිය ඉගන ගතයුතු බවත් ආරක්ෂක රාජ්‍ය ...
පොලිස් සේවයෙහි සිටියදී පහරදීමක් සම්බන්ධයෙන් තමන් ද වැඩ තහනමකට ලක්ව සිටි බවත් ඒ මහතා සිහිපත් කළේය.
"මමත් දේශපාලනයට ආවේ අවුරුදු 20කට විතර පොලිසියේ හිටියා, වෙනත් රාජ්‍ය - අර්ධ රාජ්‍ය සංස්ථා ආදියට සේවය කරලා තියෙනවා. ඒ විනය නීති රීතිවලට යටත්ව හිටියා, ආයතන සංග්‍රහය පිළිබඳවත් හොඳින් දන්නවා. ඒවගේම සමහර වෙලාවට පහරදීම් පිළිබඳව වැඩ තහනමට ලක්වෙලාත් ඉඳලා තියෙනවා. ඒ අත්දැකීමුත් තියෙනවා. අපි මේ වෙලාවේ ගහන්න එපැයි කියන්නෙ නෑ කාටවත්. ගහන ක්‍රමේ ඉගන ගන්න එකයි තමුන්නාන්සෙලාට තියෙන්නෙ.
OIC කෙනෙන් වරදක් කළොත් පළාත් භාර පොලිස් අධිකාරීතුමාටත් නියෝජ්‍ය පොලිස් අධිකාරීතුමාටත් ඒකෙ වගකීම පැවරෙනවා. දැන් වාර්ෂිකව මං හිතන්නෙ හැම කොට්ඨාශෙකටම කොට්ඨාශ 47ටම මුදලක් ලබාදෙනවා, තමුන්නාන්සෙලා වසර අවසානයේදී ඒක වැඩට නොගෙන කීයක් හරි ඉතුරු කරලා පොලිස් මූලස්ථානයට එවනවා නම් ඒක වැරදියි. ඒ සල්ලි දෙන්නෙ වියදම් කරන්න.
අනිවාර්යයෙන්ම අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමාත් පොලිස් පරීක්ෂකතුමාත් උසාවි යනවද කියලා නම් ඔබතුමාලා බලන්න ඕනෙ. මොකද එතනින් තමයි මේ ඔක්කොම අපරාධ පාලනය කරන්න පුළුවන් කියලා පෙනී ගිහින් තියෙනවා.
තමන්ගෙ අවශ්‍යතාවයන් කියන්න ආවාම ප්‍රචණ්ඩකාරී නොවෙන විදියට, එහෙම නැත්නම් අපි ප්‍රචණ්ඩකාරී විදියට හැසිරුණොත් අපි ටිකක් තදින් අනවශ්‍ය බලයක් පෙන්නන්න ගියොත් අනිත් පැත්තෙනුත් ඒක වැඩිවෙනවා" යනාදී වශයෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.
චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයෙහි ඊයේ (11) පැවති උත්සවයක් අමතමිනි.
-lankanewsweb
COMMENTS