කුවේට් රාජ්‍යයෙහි ගෘහ සේවිකාවක් ලෙස රැකියාවෙහි නියුතුව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය සේවය කළ නිවසේ ස්වාමියා සහ ඔහුගේ බිරිඳ විසින් කළ පහරදී...
පිළිස්සුම් සහ කැපුම් තුවාල සහිතව බරපතළ තත්වයෙන් රෝහල් ගත කරන ලද එම කාන්තාව පැය කිහිපයකට පසුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි.
නිවසේ හිමිකරුගෙන් සහ බිරිඳගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා සිරුර යොමුකර ඇති බවත් පොලිස් විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
COMMENTS