ඔහු විසින් 2007 වසරේ සිට වසර 03ක කාලයක් අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩබැලීම වෙනුවෙන් මෙම දීමනාව ලබාගෙන ඇති අතර ඉන් පසුවද වසර 06ක් යනතුරු අදාළ ...
ඔහු විසින් 2007 වසරේ සිට වසර 03ක කාලයක් අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩබැලීම වෙනුවෙන් මෙම දීමනාව ලබාගෙන ඇති අතර ඉන් පසුවද වසර 06ක් යනතුරු අදාළ දීමනාව නීතිවිරෝධී අයුරින් ලබාගෙන ඇත. ඒ බව පෙන්වා දෙමින් රජයේ විගණකාධිපතිවරයා නියෝග කොට ඇත්තේ එසේ නීතිවිරෝධී අන්දමින් ගෙවන ලද සම්පූර්ණ මුදල රජයේ මුදල් බැවින් එම මුදල දිසානායක මහතාගෙන් කඩිනමින් අයකර ගත යුතු බවයි.
වසර 06 ක් පමණ යනතුරු අදාළ නිලධාරියා විසින් ලබාගෙන ඇති සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් මිලියන 1.2 ක් පමණය.
මේ පිළිබඳ විගණකාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා පවා දැනුවත් කර තිබුණද මොහු ගුවන් සේවා අධිකාරියේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීපතම හිතවතකු වීම හේතුවෙන් එකී හිඟමුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බවද පැවසේ.
වත්මන් යහපාලන රජය බලයට පත්වූයේ රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම නතර කොට යහපත් රාජ්‍ය සේවයක් ඇති කිරීමේ පිවිතුරු අදිටනින් වන අතර සිවිල් ගුවන් සේවා අධිකාරී පරිපාලනය, රජයේ විගණකාධිපතිවරයාගේ නියෝග කෙසේ පිළිපදින්නේද යන්න ජනතාව බලාසිටී.
COMMENTS