විශේෂත්වය වන්නේ මේ සඳහා සියලු පහසුකම් සපයා ඇත්තේ යුද හමුදාව විසිනි. යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට ප්‍රාදේශීය හමුදා මූලස්ථානය විස...
විශේෂත්වය වන්නේ මේ සඳහා සියලු පහසුකම් සපයා ඇත්තේ යුද හමුදාව විසිනි. යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට ප්‍රාදේශීය හමුදා මූලස්ථානය විසින් ආහාර, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් පමණක් නොව ආරක්ෂාව ද සපයා ඇති බවයි යුද හමුදා ආරංචි මාර්ග පවසන්නේ.
මෙම සංචාරයට සහ සමන්ත බද්‍ර හිමි ඇතුළු පිරිසට එම ප්‍රදේශවල විහාරස්ථාවල භික්ෂූන් වහන්සේලාගේ ද විරෝධය එල්ල වී ඇති අතර සංචාරය සඳහා පහසුකම් සැපයූ යුද හමුදාවට ද අප්‍රසාදය පළකර තිබේ. එහෙත් යුද හමුදාව සම්බන්ධ වී සිටි හෙයින් භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධියේ විරෝධතාවය පළකර නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙවැනි එක් එක් පුද්ගලයන්ගේ සංචාර සඳහා පහසුකම් සැපයීමට සහ ආරක්ෂාව සැපයීමට යුද හමුදාව භාවිතා කිරීමට යුද හමුදාපතිවරයාට ඇති හැකියාව සම්බන්ධයෙන් යුද හමුදා නිළධාරීන් සිය නොසතුට පළකරයි. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි කටයුතුවලට නියෝග නිකුත් කිරීමට යුද හමුදාපතිවරයා කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
COMMENTS