දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චාවකච්චේරි අනතුරින් මියගිය ගණන 11 ක් වෙයි (Update)
Homeගොසිප්

චාවකච්චේරි අනතුරින් මියගිය ගණන 11 ක් වෙයි (Update)

PropellerAds

චාවකච්චේරි අනතුරින් මියගිය ගණන 11 ක් වෙයි මියගිය අය අතර ජාතික රෝහලේ නිලධාරීන් ආයුර්වේද වෛද්‍යවරයෙක් මණ්ඩල අධ්‍යක්ෂිකාවක් පරිගණක ඉංජිනේ...

ජර්මනියෙත් මෙහෙම වුණා කියා ජනපති කියන කතාව වැරදියි -ජර්මන් තානාපති
තීන්දුව 10 ත් නොවී තවත් කල් යනවාද?
ඩිල්ෂාන්ගෙන් ඉල්ලීමක්

චාවකච්චේරි අනතුරින් මියගිය ගණන 11 ක් වෙයි

මියගිය අය අතර ජාතික රෝහලේ නිලධාරීන්
ආයුර්වේද වෛද්‍යවරයෙක් මණ්ඩල අධ්‍යක්ෂිකාවක්

පරිගණක ඉංජිනේරුවෙක්

එකම පවුලේ 7 දෙනෙක් මියයද්දී වෑන් එකේ ඉතිරි වුනේ එක්කෙනයි

පසුගිය සෙනසුරාදා යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේදී සිදුවූ බස්-වෑන් මාරක රිය අනතුර නිසා මියගිය පිරිස මේවනවිට 11 දක්වා ඉහළ ගොස් ඇත.මෙම අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්දයාම බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. අධික වේගයෙන් ගිය වෑන් රථය එක්වරම දකුණු පසට හැරී
අනෙක් පස වේගයෙන් ආ ලංගම බස් රථයට මුහුණට මුහුණලා හැපී මෙම අනතුර සිදුවිය. මේ අනතුර නිසා වෑන් රථයේ ගමන් කළ 12 දෙනාගෙන් රියදුරු ඇතුළු 11 දෙනෙකුම ජීවිතක්ෂයට පත්වූ අතර බස් රථයේ ගමන් කළ රියදුරු ඇතුළු 16 දෙනෙකු තුවාල සහිතව රෝහල් ගත කරන්නට සිදුවිය.
තුවාල ලද අයගේ සිරුරු මුලදී

යාපනය රෝහලට ඇතුළු කර පසුව ගුවනින් කොළඹට ගෙන ඒමටත් කටයුතු යොදා තිබුණි.
බණ්ඩාරගම-හොරණ ප්‍රදේශ යාබද මිල්ලනිය මාදම්පේ ප්‍රදේශයේ එකම පවුලක ඥාතීන් වන 7 දෙනෙකු මෙම අනතුරින් මියගිය 11 දෙනා අතර සිටී.
 ඔවුන් අතර කොළඹ ජාතික රෝහලේ හෙදියක්,කර්මාන්ත සංවර්ධන මණ්ඩල අධ්‍යක්ෂිකාවක්, ආයුර්වේද වෛද්‍යවරයෙක්,ජාතික රෝහලේ භෞත චිකිත්සකවරයෙක් හා පරිගණක ඉංජිනේරු වරයෙක් සිටී.
මේ අය නිවාඩුව වෙනුවෙන් නාගදීපේ වන්දනා චාරිකාවක් යද්දී මේ අනතුර සිදුවිය.

වෑන් රථයේ ගිය අයගෙන් එරන්දිකා විජේසුන්දර නමැති කාන්තාව පමණක් දිවි බේරාගෙන තිබුණ අතර ඇය තවමත් කම්පන තත්වයේ පසුවේ.

ලංගම බසය පැදවූ සිවලිංගම් ජේස්වරන් පවසා ඇත්තේ වෑන් රථය සැණින් තමා ගමන් කළ පථයට හැරුණ බවත් හැකි තරම් පැත්තකට කර බසය නවතන්නට උත්සාහ කළත් එම ගැටීම වළක්වන්නට හැකියාවක් නොවූ බවත්ය. අනතුරත් සමග ක්ලාන්තවුණ ඔහුට එයින් එහා දේවල් මතක නැතැයි කියා තිබේ.
බස් රථයේ රියදුරු මෙන්ම කොන්දොස්තරවරයාද තුවාල ලද අය අතර සිටී.

මෙම ගැටීම නිසා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුනේ අතක්ද කෑඩී වෙන්ව ගොස් හිසට සහ පපුවට බරපතල තුවාල සිදුවෙමිනි.

අනතුර නිසා වෑන් රථය බසය තුලට එබුණ ආකාරයක් දිස්වූ අතර සිරවී සිටි තුවාල කරුවන් ඉවතට ගන්නට අවට සිටි අයට බලවත් පරිශ්‍රමයක් යොදන්නටද සිදුව ඇත.
මෙම අනතුරින් තුවාල ලද හා මියගිය කිහිපදෙනෙකුම කොළඹ ජාතික රෝහලට අයත් අය වූ නිසා ඒ අය ගුවනින් කොළඹට රැගෙන ඒමට ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ අය පුද්ගලික වියදම් දරා ඇතැයිද වාර්තා වුණි.










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චාවකච්චේරි අනතුරින් මියගිය ගණන 11 ක් වෙයි (Update)
චාවකච්චේරි අනතුරින් මියගිය ගණන 11 ක් වෙයි (Update)
http://ift.tt/2h1CELQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/11-update.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/11-update.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy