දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තීන්දුව 10 ත් නොවී තවත් කල් යනවාද?
Homeගොසිප්

තීන්දුව 10 ත් නොවී තවත් කල් යනවාද?

PropellerAds

ඊ යේ (7) සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවූ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධ ජනපතිවරයාගේ ගැසට්ටුව පිළිබඳ තීන්...

රෝහල් ගතව සිටි 14 හැවිරිදි පිරිමි දරුවාට රෝහල් සේවකයෙක් අතවර කරලා
රියැලිටි තරඟයකින් තේරුණු දරුවකුගේ පියාව රවටලා ලක්ෂ ගණක් වංචා කරලා
ටිල්වින් දැමූ නඩුවෙන් විමල් පරදී - මිලියන 10ක වන්දි ගෙවීමට අධිකරණ නියෝග
යේ (7) සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවූ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධ ජනපතිවරයාගේ ගැසට්ටුව පිළිබඳ තීන්දුව අද 8 ලබාදෙන බවට පළමුවද 10 සඳුදා දෙන බවට
දෙවනුවද වාර්තා පළ වුවත් ඊයේ සන්ධ්‍යා කාලයේ නඩු විභාගය අවසන් කරන අවස්ථාවේ ප්‍රකාශ වූ ආකාරයට එවැනි පැහැදිලි දින නියමයක් කර තිබුනේ නැත.
ඊයේ අධිකරණය වසා දමන්නට පෙර නඩුවට අදාළ සාක්ෂි විභාගය අවසන් බව පමණක් දැන්වූ අතර  තීන්දුව ප්‍රකාශ කරන තෙක් එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම

වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයද දීර්ඝ කරන බව දන්වා තිබුණි. 'තීන්දුව දෙන තෙක්' යන්න සඳහන්වූ නිසා එවැනි දිනයක් ප්‍රකාශ කර නැති බව ඒ අනුව පැහැදිලිය.

ඇතැම් වාර්තා මගින් පෙන්වාදී ඇත්තේ ලබන සතියේ 15 ට පෙර මෙම තීන්දුව ලබාදෙන බවයි. 15 ට පසු ලබාදෙන්නට තබාගතහොත් එය ලබන ජනවාරි 15 න් පසු මාසයක පමණ ප්‍රමාදයකින් ලබාදෙන්නට සිදුවනු ඇති බවත් එසේ සිදුවන්නේ වර්ෂාවසාන අධිකරණ නිවාඩු පවතින නිසා අධිකරණ කටයුතු නතර වන බැවින් යයිද පැවසේ.

කෙසේ වෙතත් ජාතික අවශ්‍යතාවයක් ලෙස සැලකෙන මෙම නඩුවේ තීන්දුව දෙස රටම බලා සිටියදී මේ ආකාර ප්‍රමාදයක් සිදුවීම රටේ බොහෝ කටයුතු වලට විවිධ ලෙස බලපා තිබේ. ජනපතිවරයා තමන්ට අගමැතිවරයෙකු හා ඇමතිවරුන් පත්කිරීමට ඉඩක් තිබුණත් එසේ නොකර බලා සිටින්නේ මෙම විසුරුවාහැරීම සිදුවේද නැද්ද යන දෙගිඩියාවෙනි. මේ නිසාම

තීන්දුව පමාවන දිනයක් දිනයක් පාසා රටේ දේශපාලනික අස්ථාවරභාවය වර්ධනය වෙමින් පවතී.
තීන්දුව සමග රට තුළ කලබල ඇතිවේ යයි සැකයෙන් නඩු විභාගය ඇරඹුණ අවස්ථාවේ සිට කොළඹ ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක වූ බවත් එයට 1500 ක පමණ පොලිස් නිලධාරීන් කැඳවා තිබූ බවත් වාර්තා විය.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දින 04ක් පුරා  විභාග වූ අතර සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වූයේ අගවිනිසුරු නලින් පෙරේරා සහ ‍ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවන්ය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තීන්දුව 10 ත් නොවී තවත් කල් යනවාද?
තීන්දුව 10 ත් නොවී තවත් කල් යනවාද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitmzgHNWgfJgYS0Mce1nhVOgmXl7GU5d9bNYkw7LVsZGvbgKQIi1Dgt6FCvqgieKHF6Ddz-0Z6869y7HMYwfOjc23JI90QsfjPBoBa85r9fIV_Kq_1vYGpWcoAcoi9FRj-80WPmktlv70/s1600/t.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitmzgHNWgfJgYS0Mce1nhVOgmXl7GU5d9bNYkw7LVsZGvbgKQIi1Dgt6FCvqgieKHF6Ddz-0Z6869y7HMYwfOjc23JI90QsfjPBoBa85r9fIV_Kq_1vYGpWcoAcoi9FRj-80WPmktlv70/s72-c/t.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/10_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/10_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy