ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පෙන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29 දා සිට ...
ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පෙන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29 දා සිට 31 වැනිදා දක්වා මොණරාගල දී පවත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.
වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ කෙරෙන මෙම වසරේ දී දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේ ප්‍රදර්ශනය පවත් වන බව අද (20) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මේ අගෝස්තු මාසයේ 17 වනදාට ආණ්ඩුවට වසර තුනයි. ඒ කාලය තුළ ලබාදුන් ජනතා ජයග්‍රහණ වගේම 2025 දක්වා වන සංවර්ධන දැක්ම පිළිබඳ ජනතාව දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශනය පවත්වනවා. එහි ආරම්භය තමයි 29 වනදා මොණරාගලින් ආරම්භ කරන්නේ.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ සාකච්ඡා කරලා රටේ අනාගතය ගැන විශ්වාසයක් තැබිය හැකි ප්‍රදර්ශනයක් බවට මෙය හඳුන්වන්න පුළුවන්.
එදා යුද්ධය ජයගත් උදවිය ඒ හරහා මුළු රටම ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් තිබිය දී තමයි 2015 දී වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ.
අපි රට ගොඩනැගුවේ කුලුනු දෙකක් මත. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාවයි. ඒ ඔස්සේ ගොඩනැංවෙන සංවර්ධනය දැක බලා ගැනීමේ අවස්ථාව මෙම ප්‍රදර්ශනය මගින් ජනතාවට උදා වනවා. ඉදිරියේ දී මෙම ප්‍රදර්ශනය අනුරාධුපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල පැවැත්විමට නියමිත යැයිද අමාත්‍යවරයා කියා සිටියේ ය.
මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා,
‘‘එදා සංවර්ධනය සිදු වුණා තෝරාගත් ප්‍රදේශවල. නමුත් ජනතාවගේ ඇගට දැනුණෙ නැහැ. අපි මේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පවත්වන්නේ අවුරුදු 3ක් වැඩ කරල ඉවර වෙලා. ඒක තමයි වෙනස. මොණරාගල ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාට ප්‍රදර්ශනය සඳහා දුප්පත්ම දිස්ත්‍රික්කවලින් එකක් වෙන මොණරාගල මේ සඳහා තෝරා ගැනීම ගැන. මේ සිදු කෙරෙන සංවර්ධනය එක ප්‍රදේශයකට සීමා වෙලා නෑ.
මේක ගමට දැනෙන ගමේ බිමේ පැලවෙන සංවර්ධනයක් යැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශ වෙත සංවර්ධන ව්‍යාප්තවීම ජනතාව ලද ජයග්‍රහණයක් බවයි. ප්‍රදර්ශනය දැනට සැලසුම් කර ඇත්තේ දින තුනක් පැවැත්වීමට පමණක් වුව ද එය දින 5ක් දක්වා දීර්ඝ කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය. පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු දේ ලබා දීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසී ය.
COMMENTS