කොස්ගම - සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව විසින් ඊයේ (17) සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ...
කොස්ගම - සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව විසින් ඊයේ (17) සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ, අදාළ ගැටලූව සඳහා සති 02ක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට ජනාධිපති මහජන සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතා ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.
සාලාවේ යුද හමුදා කඳවුරේ සිදුවු පිපිරීමෙන් විපතට පත්වු ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (17) දහවල් කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සාහ කළ අතර එම හේතුව මත ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවු අතර, විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට අවසර හිමි නොවුණි.
කෙසේ වෙතත්, විරෝධතාකරුවන්ගෙන් 15 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව හිමිවුණු අතර එහිදී ඔවුන් හට ලිඛිතව ලබාදී ඇත්තේ පවතින ගැටලූ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙන බවයි.
පසුගිය ජුනි 05 වනදා සිදුවු පිපිරීමෙන් කඳවුර ආසන්නයේ පිහිටි ග්‍රාමසේවා වසම් 10 ක නිවාස 300 ක් පමණ මුළුමනින්ම විනාශයට පත්විය.
තවද නිවාස හා දේපළ රැසකට හානි සිදුවු අතර, අවස්ථා කිහිපයකදී ප්‍රදේශයේ ජනතාව විරෝධතාවල සහ උද්ඝෝෂණවල නිරත වුණේ සිදුවු හානිවලට නිසි වන්දි මුදලක් නොලැබුණු බව පවසමිනි.
වීඩියෝව පහතින්.
COMMENTS