පළාත් පාලන හා පළාත් සභා වැඩබලන ඇමැති පියංකර ජයරත්න මහතා සිය ඇමැති ධුරයෙන් ඊයේ (30) ඉල්ලා අස්‌විය. රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සි...
පළාත් පාලන හා පළාත් සභා වැඩබලන ඇමැති පියංකර ජයරත්න මහතා සිය ඇමැති ධුරයෙන් ඊයේ (30) ඉල්ලා අස්‌විය.
රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යොමු කර තිබුණද ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වෙයි.
ඊයේ පස්වරු 1.00ට පමණ ජනපතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුව පැවැති බවටත් වාර්තාවෙයි. රාජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී පොදු විපක්ෂය හා එක්වන බවට වාර්තා පළවෙයි.
කෙසේ වෙතත් ආණ්‌ඩුවේ ඇමැතිධුරයෙන් ඉවත් වන ලෙස දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන නියෝජිතයන් හා පාක්‌ෂිකයන් දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් එම ඉල්ලීමට සවන් දෙමින් මෙලෙස ඉල්ලා අස්‌වූ බවත් ලිපියේ සඳහන් කර ඇත.
ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ආණ්‌ඩුවක ඇමැතිධුරයක් ලබා ගන්නා තෙක් වෙනත් කිසිදු ඇමැතිධුරයක් ලබා නොගන්නා බවද එහි සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.
ප්‍රියංකර ජයරත්න මහතා යහපාලන ආණ්‌ඩුවේ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජ්‍ය ඇමැති ලෙස මුලින් කටයුතු කළ අතර පසුව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැතිධුරයට පත්විය.
COMMENTS