යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන සිටින යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනා හයවන ...
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන සිටින යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනා හයවන වතාවටත් අද (30) දින යාපනය අධිරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප ලබාදීම යාපනය දිසාවිසුරු එස්.සදීස්කරන් විසින් ප්‍රතික්ෂේප කොට එම සැකකරුවන් ලබන 2017 වසරේ ජනවාරී 13 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබේ.
ඇප ලබාදීමට තරම් සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශ කළ දිසාවිනිසුරුවරයා මෙම සැකකරුවන්ගේ ජීවිතවලට යම් අනාරක්ෂිත බවක් ඇති බවට නීතිඥයින් විසින් දැනුම්දීම නිසා සැකකරුවන් දිගටම අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා නඩු වාර දිනයන්ට පමණක් යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
එමෙන්ම සිසු ඝාතනය වූ බවට සැක කෙරෙන ගිනි අවියෙහි රසපරික්ෂක වාර්ථාවද ලබන නඩු වාරයට ඉදිරිපත් කරන ලෙසටද යාපනය පොලීසියට දිසා විනිසුරු වරයා විසින් නියෝග කරනු ලැබීය.
පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා රාත්‍රියේ යාපනය සරසවියේ කලා පීඨයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නඩරාජා ගජන් හා 24 හැවිරිදි විජයකුමාර් සුලක්ෂණ් යන අය චුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයේදී වෙඩි පහරකට හා අනතුරකට ලක්ව මිය යාමෙන් පසුව එදින රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගත්හ.
COMMENTS